ඉඳුනිල් කහටපිටිය –
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩමවන මංගල හස්ථිරාජයාගේ දෑලේ යෑම සඳහා පැමිණි කෝට්ටේ රාජා හස්ථියාගේ ඇත් ගොව්වා තුන්වැනි කුඹල් පෙරහර ආරම්භවීමට පැය දෙකකට පමණ පෙර හෙරොයින් මත් කුඩු සමග පොලිස් අත් අඩංගුවට පත් වී ඇත.
කෝට්ටේ රාජ හස්ථියා ගෙන්වාගෙන තිබුණේ අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වඩම්මවන මංගල හස්ථිරාජයාගේ දෑලේ ගමන් කරන හස්ථියෙක් වශයෙනි.
අද උදෑසන දළදා පෙරහරට රැගෙන පැමිණි ඇත් පන්තිය ට සහ ඇත් ගොව්වුන්ට විශේෂ වෛද්‍ය සායනයක් පැවැත්වී තිබිණි.
එහිදී අනාවරණය වී ඇත්තේ පූජෝත්සවයට හස්ථීන් රැගෙන පැමිණි ඇත්ගොව්වන්ගෙන් සියයට 80ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බවය.
පළමු කුඹල් පෙරහරේ ගමන් කළ ගනේතැන්ක කෙම්පිටිය වළව්වේ මැණිකේ ඇතින්නගේ සහායක ඇත් ගොව්වෙකුගේ සහායකයෙක් අධික ලෙස බීමත්ව නුවර වැවට ඇද වැටීමෙන් පෙරේදා (31) මිය ගොස් තිබිණි.







