මංගලට මා ඊයේ සවසත් කතා කළා… ශෝකවන රනිල් කියයි…

මංගල සමරවීර අමාත්‍යවරයාට තමන් ඊයේ සවස ද දුරකථන ඇමතුමක් ලබාදුන් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

සුව වී පැමිණි වහාම තමන් මංගලව හමුවීමට තමන්   බලාපොරොත්තු වන බව  රනිල් වික්‍රමසිංහ  ඔහුට පවසා තිබිණි.

එ.ජා.ප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ශෝක සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබිණි.


එසේ වුව ද  රට පුරා පාලනය නොවී ඇති මේ වසංගත තත්වය එම හමුවීම සිදුනොවන තැනට පත් කළ බව රනිල් වික්‍රමසිංහ ශෝකයෙන් යුතුව සටහන් කර ඇත.

හිටපු අමාත්‍ය සමරවීරගේ අකල් වියෝව සමස්ථ ජාතියටත් එක්සත් ජාතික පක්ෂයටත් පමණක් නොව පෞද්ගලිකව තමන්ටත් සිදුවූ විශාල පාඩුවක් බව කියන රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර යනු තමන්ගේ මතය වෙනුවෙන් ඍජුව පෙනී සිටි  විශිෂ්ට දේශපාලකයෙක් බව සඳහන්  කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මානව හිමිකම් සමානාත්මතාවය සහ නිදහස වෙනුවෙන් සැමවිටම පෙනී සිටි හෙතෙම සම්ප්‍රදායික චින්තනයෙන් බැහැර නිර්මාණශීලී මනසකින් යුතු දේශපාලකයෙක් බව ද හිටපු අගමැතිවරයා ලියා තබා ඇත.

Exit mobile version