භූමිතෙල් සියයට 70කින්, ඩීසල් සියයට 50කින්, පෙට්‍රල් සියයට 30කින් අලෙවිය බැහැලා…

ඩීසල් අලෙවිය සියයට 50කින්, පෙට්‍රල් අලෙවිය සියයට තිහකින් සහ භූමිතෙල් අලෙවිය සියයට හැත්තෑවකින් පහළ බැස ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

2022 ජනවාරි මස අලෙවිය සහ 2023 ජනවාරි මස අලෙවිය සමග සංසන්දනය කිරීමේ දී මෙම තොරතුරු හෙළි වූ බව ඇමතිවරයා කියයි.

ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින් අඩුවීම ප්‍රවාහන හා නිශ්පාදන ක්ෂේත්‍රයේ යම් බිඳ වැටීම පිළිබඳ නිරූපනයක් බව විශේෂඥවරු පවසති.

භූමිතෙල් යනු අඩු ආදායම් ලාභී බහුතර ප්‍රජාවගේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය ය. ධීවර කර්මාන්තය සඳහා ප්‍රධාන ලෙසම වැදගත් වන්නේ භූමි තෙල්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිල වැඩිමීමත් සමග අලෙවියේ වැඩිම බිඳ වැටීම වාර්තා වන්නේ භූමිතෙල්වලය.

Exit mobile version