භාවනානුයෝගීව රත්ගම සේනාසනයක වැඩ සිටි ඕලන්ද හිමිනමගේ ඝාතකයන් නිදැල්ලේ…

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ ඕලන්ද ජාතික හිමි නමකගේ දේහය පෙරේදා (08) පස්වරුවේ රත්ගම කලපුවේ  පාවෙමින් තිබියදී රත්ගම පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මලසිරුර සොයාගන්නා විට උන් වහන්සේගේ කකුල්වල ගල් ගැටගසා තිබී ඇති අතර ඒ නිසාම මෙ මිනීමැරුමක් බව රත්ගම පොලීසිය කියයි.
දින කිහිපයක සිට මෙම හිමිනම විහාරස්ථානයේ නොමැති බවට විහාරාධිපතින් වහන්සේ විසින් රත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කිරීමේ දී උන් වහන්සේගේ සිරුර හමුවී තිබේ.
වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි. ඊයේ (09) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හා අධිකරණ වෛද්‍ය නිලධාරිණිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික කටයුතු සිදුකරන ලදී.
ගාල්ල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජේෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ හා ආරම්භ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතානාච්චි ගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකල ගයාන් පුෂ්පකුමාර, පොලිස් පරීක්ෂක මධුසංඛ, උප පොලිස් පරීක්ෂක ජයසිංහ, උප පොලිස් පරීක්ෂක දේවසිංහ, පොලිස් සැරයන් ප්‍රියන්ත (13413) ඇතුළු  නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Exit mobile version