භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

Import

ආනයනය සඳහා සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 100ත් 150ත් අතර ප්‍රමාණයක් සඳහා ළඟදීම සීමා ඉවත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වුවද වාහන ආනයන තහනම අවම වශයෙන් තව වසරක්වත් දුරට ක්‍රියාත්මක වනු ඇතැයි එම නිලධාරීන් පුවත් පතට ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදලේ පළමු වාරිකය ලැබීමත් සෙසු ප්‍රේෂණ ඇතුළු විදේශ විනිමය ආදායම් සාපෙක්ෂව වර්ධනය වීමත් හේතුවෙන් මෙලෙස පසුගිය කාලය තුළ සීමාවට ලක්ව තිබූ භාන්ඩ වර්ග රැසක් යළි මෙරටට ගෙන්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි ඒ අනුව විශ්වාසය පළ කර ඇත.

විශේෂයෙන්ම ඉලෙකට්‍රොනික භාණ්ඩ. ගෘහ උපකරණ, පරිගණක, ඉදිකිරීම් දුව්‍ය නාන කාමර උපාංග සහ කට්ටල ඇතුළු භාණ්ඩ ගණනාවක් මේ අනුව ඉදිරියේදී ආනයනයට අවසර ලැබෙනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද වාහන ආනයනය කිරිමේදි වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වැනි  ප්‍රමාණයක්  වැය විය හැකි නිසා තව වසරක්වත් යන තෙක් වාහන ආනයනයට ඉඩක් නොලැබෙනු ඇති බවට මුදල් අමාත්‍යංශ බලධාරීන් මත පල කර තිබේ.

Exit mobile version