බොරතෙල් සොරකම් කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයන් 08ක් සහිත නැවක් නයිජීරියා නාවික හමුදා අත්අඩංගුවේ…

නයිජීරියානු මුහුදට නීති විරෝධී ලෙස ඇතුළු වී නිශ්කාෂණයකින් තොරව බොරතෙල් අපනයනයට සැරසුන නෞකාවක් සහ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයන් 08 සහිත විදේශිකයින් 27 දෙනෙක් අත්අඩංගුවට ගත් බව නයිජීයාව අද නිවේදනය කළේය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ‘හෙරොයික් ඉදුන්’ නැමති නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ඇතුළු 27 දෙනෙකි.

බැරල් මිලියන 3ක් රැගෙන යා හැකි ධාරිතාවක් සහිත මාර්ෂල් දූපතේ ලියාපදිංචි කළ හෙරොයික් ඉදුන්   නෞකාව අගෝස්තු 7 වැනිදා නයිජීරියාවේ මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වූ බව නිලධාරීහු පවසති

නයිජීරියානු නාවික හමුදා ප්‍රකාශක Commodore Adedotun Ayo-Voughan ප්‍රකාශ කර ඇත්තේ  තෙල් බහුල නයිජර් ඩෙල්ටා ප්‍රදේශයේ මෙම කොල්ලය සිදුවූ බවත්, අත්අඩංගුවට ගත් පිරිස ප්‍රාදේශීය අධිකරණයකට   ඉදිරිපත් කිරීමෙන් පසු    අධිකරණ නියෝග මත රඳවා තබාගෙන ඇති බවත්ය.


මෙම  විදේශිකයන්ගෙන් පිරිසක්    “බලපත්‍ර හෝ අවසරයකින් තොරව බොරතෙල් අපනයනය   කිරීමට උත්සාහ කිරීම” යන චෝදනාව මත  අධිකරණයට ඉදිරිපත් කර තිබේ.   අත්අඩංගුවට ගත් පිරිසේ ඉන්දියානුවන් 16ක් සහ ශ්‍රී ලංකාව සහ පෝලන්තය ඇතුළු රටවල් පහක පුද්ගලයින් සිටින බව    අයෝ-වෝන් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නයිජීරියානු නාවික හමුදා ප්‍රකාශක Commodore Adedotun Ayo-Voughan උපුටා දක්වමින් ABC පුවත් සේවය වාර්තා කරන්නේ අත්අඩංගුවට ගත් පිරිස ලබන ජනවාරි 10 වනදා දක්වා නයිජීරියානු නාවික හමුදා රැකවල් යටතේ රඳවා තැබීමට නියමිත බවය

Exit mobile version