“බොරතෙල් එනකොට සපුගස්කන්ද පිරිපහදුව විනාසයි… දැනටමත් බෝයා කීපයක් ලීක්!“ – ඛණිජතෙල් පොදු සේවක සංගමය

රටේ භූමිතෙල් සැපයුමෙන් සියයට සීයක් මෙන්ම දැවිතෙල්,  ගෑස්, පෙට්‍රල්  සපයමින්  පුරා පැය 24ම සක්‍රීයව තිබූ සපුගස් කන්ද තෙල් පිරිපහදුව  දීර්ඝ කාලයක්  වසා දැමීම තුළ විනාශ වෙමින් ඇති බව ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති  ආචාර්ය අශෝක රන්වල පැවසීය.

මේ වනවිට රට පුරා භූමිතෙල් පෝලිම්වල දින ගණන් පහන් කරන තත්තවයක් නිර්මාණය වී ඇත්තේ සපුගස් කන්ද තෙල් පිරිපහදුව අක්‍රීය කිරීමේ නියත ප්‍රතිඵලය ලෙස බව ද එම සංගමය පෙන්වා දුන්නේය.

“ මේ පිරිපහදුවෙන් ඔබට අවශ්‍ය ගෑස් සිලින්ඩර් දවසකට හත් දහස් පන්සියයක් හදන්න පුලුවන් . මේ පිරිපහදුව වහලා තියන්න තියන්න වෙන්නෙ විනාශයක්.  උඹලා බොරතෙල් ගෙනෙද්දි අපේ පිරිපහදුව දිරාපත්  වෙලා.“

“මේ වනවිට පිරිපහදුවේ බෝයා කීපයක් ලීක් වෙන්න පටන් අරන්..  මුං බොරතෙල් ගේනකොට පිරිපහදුව දුවන්න බෑ.  ඉතාම අවදනාම් තතත්වයට මේ පිරිපහදුවෙ යන්ත්‍රාගාරය පත් වී තිබෙන්නේ.“  සපුගස්කන්ද තෙල් පිරිපහදුව රැකගැනීම සඳහා එහි සේවකයින්  අද දහවල් කළ උද්ඝෝෂණයක් අතර දී සභාපතිවරයා කීවේය.


දිනකට දැවි තෙල් ලීටර 660 බවුසර 254ක්,  12.5 ගෑස් සිලින්ඩර් 7500ක්,  දිනකට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බවුසර 108ක්, සපුගස් කන්ද තෙල් පිරිපහදුවෙන් ලබා ගත හැකිව තිබූ බවද උද්ඝෝෂකයෝ කීහ.

“භූමිතෙල් සියයට සීයක් හැදුවේ ලංකාවේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සපුගස් කන්ද තෙල්  පිරිපහදුවෙන් බවත්,  අද වනවිට භූමිතෙල් නැති නිසා ගුවන් යානා ඉන්ධන වර්ණ ගන්වා   විකුණන්නට සිදුවී  තිබෙනවා… “ උද්ඝෝෂණය අතරතුර    උපකරණ ඉංජිනේරු ජනක විජේසූරිය කීවේය.

පැය විසි හතරම දුවන මෙවැනි පිරිපහදුවක් කාලාන්තරයක් තිස්සේ නවත්වා තැබීමෙන් කාර්මික හා තාක්ෂණික විදිහට විශාල විනාශයක් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සපුගස් කන්ද තෙල් පරිපහදුව වහාම විවෘත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

Exit mobile version