බේබදු නිවටයෙකුගෙ නොහික්මුණු ක්‍රියාවකට ජාතිවාදය ගාවගන්න එපා… සරත් ෆොන්සේකා දෙමළ පක්ෂවලින් ඉල්ලයි…

sarath

තමන්ගේ පියාටත් නිග්‍රහ කළ බේබදු නිවටයෙකුගේ ක්‍රියාවක් ජාතිවාදය ලෙස විග්‍රහ කර රට ලෝකය හමුවේ විනාශ නොකරන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේය.

මෙම පුද්ගලයා ඒ වකවානුවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් දුටුවේ නම් හැංගෙන චරිතයක් බවත් මේ ආකාරයට අහිංසක සිරකරුවන් දණ ගස්වා ඔළුවට පිස්තෝල තබා මරණ තර්ජන කරන්නේ චණ්ඩි නොව බියගුළු නිවටයන් බවත්  ෆීල්ඩ් මාර්ෂල්වරයා පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවති මාධ්‍ය හමුවක දීය.


එහිදී ඔහු මෙසේත් කීවේය.

අපි දැක්කා ලොහාන් රත්වත්තේ කියන ඇමති තුමා එතුමාගේ හැසිරීම. එතුමාගේ පියා අපිත් එක්ක වැඩ කරපු කෙනෙක්. නියෝජ්‍ය ආරක්ෂක ඇමති වරයෙක්. නමුත් එම පුද්ගලයා පියාටත් අගෞරව කළා.

මේ පුද්ගලයා එල්ටීටීඊ කාරයෙක් දැක්ක නම් ඒ කාලේ හැංඟෙන චරිතයක්. දැන් ගිහිල්ල අහිංසක සිරකරුවන් දණ ගස්වල ඔලුව ට පිස්තෝලෙ තියෙනවා. මොන තරම් තිරිසන් වැඩක් ද. ඒවා කරන්නේ චණ්ඩි නෙවෙයි. එවැනි වැඩ කරන්නේ නිවට බියගුළු මිනිස්සු. බීලා හිරගෙයක් ඇතුලට ගිහිල්ලා රඟපානවා.

මමත් හිරගෙවල් වල ඉඳල තියනවා. මම දන්නවා එහි තියෙන දුක. සිරකරුවන්ට මම කියනවා මේ වගේ චරිත ඇතුළට ආවොත් නැවතත් කට්ටියම එකතුවෙලා ඇටකටු කුඩු කරලා එළියට දාන්න කියලා. සිරකරුවන් වෙනුවෙන් එහිදී ජනතාව හිටගන්නවා. මෙවැනි අමන වැඩ කරන මිනිස්සුන්ට තමුන්නාන්සේලා කිසිසේත් සමාවක් දෙන්න එපා. රජය මෙයා අයින් කරල කියන ඇමතිකම බන්ධනාගාර ඇමතිකමෙන් පමණයි. තවම එයාට වෙනත් අමාත්‍යංශයක් තියෙනවා.

ආරංචි වෙනවා මෙයා මැණික් ගරන කාර්යභාරය තවමත් ඉටු කරනවා කියලා. මේ අයට විරුද්ධව ගොඩක් පැමිණිලි තිබෙනවා. මැරයො දාගෙන මැණික් ගරණ බවත් පැමිණිලි තිබෙනවා. මේ පුද්ගලයා ගැන පාර්ලිමේන්තුවේ හැසිරීම පවා පිළිගන්න බැහැ. එම හැසිරීම දැක්කම මට වැටහුනේ බීමතින් පාර්ලිමේන්තුවේ ඉන්න බවයි. මම වැරදි නම් කරන්න දෙයක් නැහැ. මනුස්සයෙක් හැසිරෙන විට අපට දැන ගන්න පුළුවන්.

මෙවැනි දේවල් ඉතාම කණගාටුදායකයි. එම අයට විරුද්ධව රජය ගන්නා නීතිමය ක්‍රියාමාර්ගය ගැන අපට දැනගත යුතුයි. සිරකරුවාගේ ඔළුවට පිස්තෝලයක් ඇල්ලුවනම් තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතුයි . රජය මෙම පුද්ගලයාට ගන්නා නීති තීන්දු අපිට දැන ගැනීමට අවශ්‍යයි.

යම් පුද්ගලයකුට පිස්තෝලයක්  ලබා දෙන්නේ ආත්ම ආරක්ෂාවට පමණයි. මේ පුද්ගලයා ඒ පිස්තෝලය ගෙනිහින්  ගෙනිහිල්ලා යම්කිසි පුද්ගලයකුගේ ඔළුවට තියනවනම් අතපය බැඳලා අහිංසක සිරකරුවෙක් ගෙ ඔළුවට පිස්තෝලයක් ඇද්දම එය දාමරික සාහසික ක්‍රියාවක්. එම පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එය නොකළොත් අපේ රජයක් බලයට ආපු ගමන් ඒ දේට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

එම පුද්ගලයාගේ නිවට කමට සිදු කරපු. දෙයක් ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය මෙය ජාතිවාදය කියා චිත්‍රයක් මවන්න උත්සාහ කරන්න එපා. එක පුද්ගලයෙක්ගේ දාමරික නොහික්මුණු අසංවර ක්‍රියාවක් පමණයි.

දැනට මේ අයට ලබා දුන්නේ දඬුවමක් නොවෙයි. ඇස්බැන්දුමක් පමණයි. එම අයගේ පුටුව ඒ විදියටම තියෙනවා.

අපි දුටුවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්   මෙවැනි දෙයක් වාර්තා වෙලා නෑ කියලා කියනවා. අපි අහනව රෙදි ඇඳගෙනද කියන්නේ. සැම සිරකරුවෙක් ගේම ආරක්ෂාවක් පිළිගැනීම ගැන මානුෂීය අයිතිවාසිකම් ගැන ඒ අය වගකිව යුතුයි පුද්ගලයා කියනවා එවැනි සිද්ධියක් වාර්තා වෙලා නැහැ කියලා. කොමසාරිස්තුමාගේ කාර්ය මණ්ඩලයට ප්‍රශ්නයක් ඇති ඒක කොහොමද සිද්ධ වුනේ කියලා.    මානව හිමිකම් කවුන්සලය අපේ රටේ යෝජනාවක් ගෙනල්ලා කතා කරන අවස්ථාවක එම සිදුවීම මේ මිනිස්සුන්ට පතුරම් දෙනවා වගේ වැඩක්. කොහොමද කොමසාරිස් ජෙනරාල්වරයා එහෙම කියන්නේ. ඒවා අපට පිළිගන්න බැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ශීලාචාර රටවල් වල සිදුවෙන දේවල් නෙමෙයි.

Exit mobile version