බූස්ස අතිවිශේෂ රැඳවියන් 05 දෙනෙක් පළමු වරට අද සිල් ගනිති…

Boossa-prison

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පස් දෙනෙක් අද (24) පොසොන් පුර පසලොස්වක පොහොය දින සිල් සමාදන් වීමට අවසර ඉල්ලා සිටීම නිසා ඔවුන්ට සිල් සමාදන් වීමට අවසරය ලබා දී ඇති බව බූස්ස බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

පොලිස් විශේෂ බලකා ආරක්ෂාව යටතේ අධි ආරක්ෂිත කලාපයක් තුළ මෙම රැඳවියෝ රඳවා සිටිති.

පුනරුත්ථාපන ක්‍රියාවලියට අනුව දිවයිනේ සෑම බන්ධනාගාරයකම පුර පසළොස්වක පෝය දිනයට සමගාමීව සිල් සමාදන් වැඩසටන්වලට නේවාසික රැඳවියන් යොමු කරවන නමුත් විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර අධිකාරීවයාගෙන් මෙවැනි ඉල්ලීමක් කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද එම නිලධාරියා ලංකාසරට පැවසීය.

ඒ අනුව ඔවුන් පස්දෙනාට අද සිල් ගැනීමේ අවස්ථාව ලබා දීමට බන්ධනාගාර අධිකාරීවරයා අවසර ලබා දී තිබේ.

Exit mobile version