බුලත්විට විකිණූ  ලාභයෙන් කොටසක් දිනපතා එකතුකර වසර අග සියක් නමකට දන්  දෙන “පුංචි පොහොසතා“…

මනම්පිටිය නිමල් ජයරත්න –

දිනපතා බුලත්විට අලෙවි කර උපයා ගන්නා මුදලින් කොටසක් වෙන් කර පුරා වසරක් තිස්සේ එකතු කළ මුදලින් සියක් නමක් වෙනුවෙන් පිරිකර සහිත අංග සම්පූර්ණ දානමය පුණ්‍යකර්මයක් කරන මනම්පිටියේ බුලත් විට අලෙවි කරන පුංචි මනුස්සයෙක් ගැන වාර්තා වුණා.

ඔහු සුනිල් සමරතුංග. සුනිල් මහත්තයා පුරා වසරක් දිනපතා එකතුකළ මේ මුදලින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන  සියක් නමක් විෂයෙහි අද හීල් දානය පූජා කලා. මේ සංඝයාවහන්සේ වෙනුවෙන් දහවල් දානයත් ඔහු විසින් සූදානම් කරලා තියනවා.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළේ සියලුම අටපිරිකර, සෙසු පිරිකර සහතිව මෙම උපාසක මහත්තයා විසින් සෑම අවුරුද්දකම ජනවාරි පළමුවෙනිදා මෙම පින්කම සිදුකරන බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝකයෙ එහෙම මිනිස්සුත් ඉන්නවා…

 

Exit mobile version