බීමත් රියදුරන්ට පොලිස් ඇප නෑ… කූඩුවේ ගත කර කෙළින්ම අධිකරණයට…

බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි  වාර්තා වේ.

එම උපදෙස් ලබා දෙන්නේ  පොලිස් මූලාස්ථානාධිපතිවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරුන් කැඳවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්  වාචික උපදෙස් ලබා  දීමේදි ය.

බීමත් රියදුරන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කරනු ලබයි.  ඉන් අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන් සහ ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් අවසර ලබා දී තිබුණි.‍ෙඑමෙන්ම, අදාළ වාහනය වෙනත් පුද්ගලයෙකුට නිදහස් කිරීමටද පොලිසියට හැකියාව පැවතිනි.

කෙසේ වෙතත් බීමත්ව රිය පැදවීම නතර කිරීමට සහ අනතුරු අවම කිරීම සඳහා එලෙස අත්අඩංගුවට පත්වන රියදුරන්ට  පොලිස් ඇප ලබා නොදී අධිකරණ හමුවේ ඉදිරිපත් කිරීමට  රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෙත් – 

Exit mobile version