බීමත් බන්ධනාගාර රාජ්‍ය ඇමති මත්වුණු මිතුරන් පිරිසකට වැලිකඩ බන්ධනාගාරය පෙන්වන්න ඇවිත්…

Lohan-Ratwatta

පසුගිය 06 දා වැලිකඩ බන්ධනාගාර මූලස්ථානය වෙත සිය බීමත් මිතුරන් කීපදෙනෙක් සමග පැමිණි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත සම්බන්ධව ඉහළට පැමිණිලි කිරීමට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සූදානම්වන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

ඒ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා ද  බීමතින් සිටි බවත් ඔහු අත පිස්තෝලයක් තිබුණු බවත් බන්ධනාගාර නිලධාරීන් කියයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මිතුරන් අතර ඇවිද  ගැනීමට අපහසු තරමටම මත් වූ  පිරිසක් සිටි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිරිස  සමග පැමිණ තිබෙන්නේ තම මිතුරන්ට බන්ධනාගාරය පෙන්වීමට බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.


මේ පිරිසේ පැමිණීම වැළැක්වීමට සූදානම් වූ බන්ධනාගාර නිලධාරීන්ට ඇමතිවරයා සමග පැමිණි පිරිස පරුෂ වචනයෙන් බැණ වැදී තිබේ.

තරමක වෙලාවක් එතැන රැඳී සිටි මිතුරන්ට බන්ධනාගාරය පෙන්වූ ඇමතිවරයා   මිතුරන් ද සමග පිටව ගොස් ඇත.

මේ සම්බ්න්ධව බන්ධනාගාර ජ්‍යෙෂ්ට නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ   සිද්ධියක් සිදුවූ නමුත් ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ  කළ නොහැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධිය සම්බන්ධව ඩේලි මිරර් ද වාර්තා කර තිබිණි.

Exit mobile version