බිලියන 40ක බදු වංචාවට පසුපස ඇති මත්පැන් බෝතලේ ස්ටිකර් මගඩිය !

මත්වතුර බෝතලය මත ස්ටිකරය හොරට ඇලවීම තවමත් ක්‍රියාත්මක වන බවත් පසුගියදා මෙලෙස හොරට මුද්‍රණය කළ ස්ටිකර් තොගයක් හසුව ඇති නමුත් සුරා බදු දෙපාර්තමේන්තුව ඔවුන්ට ස්ථානීය දඩයක් පමණක් අය කර සිද්ධිය යට ගැසු බවත්  සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. 

මෙම වැරැද්ද හොර සල්ලි මුද්‍රණය කිරීම තරම් ම බරපතල වරදක් වුවත් ඒ පිළිබඳව සුරා බදු නිලධාරීන් කිසිදු සැලකීමක් නොදක්වන බවත් ඔවුන් තමන්ගේ සේවා දිගුව හෝ වෙනත් තතුරු වරප්‍රසාද ගැන පමණක් සිතා කටයුතු කරන බවත් චෝදනා කළ අතර සුරා බදු නිලධාරීන් බරපතල දෝෂ දර්ශනයට ලක් කළේය.

“ දැන් බලන්න අපට ඉන්ධන ගත්තම QR කෝඩ් එකෙන් ඒ වෙලාවෙම අපේ දුරකථනවලට කෙටි පනිවිඩය එනවා. නමුත් මත් පැන් නිෂ්පාදකයන් කරන හොර වැඩ නිසා අහිමි වන රුපියල් බිලින 40ක මුදල රජයට ලබා ගන්න ක්‍රියාත්මක කළ මත් වතුර බෝතලවල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ යෝජනාව බලාත්මක කරන්න මහ ලොකු කයි ගහන මුදල් අමාත්‍යංශයට තාම බැරිවෙලා.

එහෙම වෙලා තිබෙන්නේ ඇයි? මත් වතුර බෝතලේ QR කෝඩ් එක ජංගම දුරකථනවලින් කියවන්න බෑ. හේතුව ස්ටිකර් හොරට ගහනවා. දෙපාර්තමේන්තුවට එකක්. පිට පාරෙන් යවන ඒවට තව එකක්. කෝඩ් දෙකක්. පහුගියදා හොරට ස්ටිකර් ගෙනාවා. ඒව අහුවුණා. මොකද කළේ සුරාබදු නිලධාරීන් ස්ථානීය දඩයක් ගෙවල මේක යට ගැහුවා.


ඊයේ අයවැය විවාදය අතරේදී මේ කතාව කී බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ කතාව අතරේ නැගී සිටි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද මේ චෝදනාව තහවුරු කළේය. ඔහු ප්‍රකාශ කළේ මෙම ස්ටිකර් ම්‍රදුණය කරන මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටින් සමාගම මේ ආකාරයට හොරට ස්ටිකර් ලබා දීමේ ජාවාරම් සිදු කිරීම හේතුවෙන් රටවල් තුනක අසාධු ලේඛන ගත කළ සමාගමක් බවයි. එම සමාගමට එරෙහිව තමන්ද අභියාචනාධිකරණයේ නඩු කී බව සඳහන් කළ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම නඩුවද ඉදිරියට කරගෙන යාමට ඔවුන් ඉඩ නොදුන් බව ප්‍රකාශ කළේය.

“ඔය ස්ටිකර් හඳුන්වා දෙන්නට කටයුතු කළේ මේ රටේ මත් පැන් ව්‍යාපාරිකයො රජයට බදු ගෙවන් නැතිව හොරට කොටසක් වෙළෙඳපොළට නිකුත් කරන බවට වාර්තා වෙලා තිබුණා නිසා. මේ නිසා රුපියල් බිලියන 40ක පමණ බදු අලාභයක් අපට සිදුවනවා. මේ තත්ත්වය නැති කරන්න තමයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්ටිකරයක් සෑම මත්පැන් බෝතලයකටම හදුන්වා දෙන්නට කටයුතු කළේ.

නමුත් මේ වැඩේ පැවරුවේ ලෝකයෙන්ම අසාධුලේඛණ ගත වෙලා ඉන්න සමාගමකට. දැන් වාර්තා වෙනවා. මේවා රහසේ මෙරට මත්පැන් ව්‍යාපාරිකයන්ගේ අතටත් යනව කියල.

ඔය ස්ටිකරය ගහන්න දුන්නු සමාගම ලෝකයේ රටවල් තුනක මේ විදිහට හොර කරලා ඒ රටවල බදු ආදායම් අහිමි කිරීම සම්බන්ධයෙන් හසුවෙලා බ්ලැක් ලිස්ට් කරපු සමාගමක්. අපේ සුරාබදු නිලධාරීන්ට මේ සමාගම හැර ලෝකයේ වෙන කිසි සමාගමක් තිබුණේ නෑ මේ වැඩේ පවරන්න. ඕක ස්ටිකරය නිකං දිනමිණ පත්තරේ ගහනව වගේ කඩදාසියක මුද්‍රණය කරන එකක්. ලෙක්හවුස් එකෙත් ඕක ගහන්න තිබුණා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.දැන් මේ ස්ටිකරයට බිලියන ගාණක් වියදම් කර තිබෙනවා. තවමත් වංචා සිදුවෙනවා.  .
“ යයිද අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version