බිරියට ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට සැමියා අත් අඩංගුවට

දිනසේන රතුගමගේ –

වවුනියාවේ කට්පහපුරම්  ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරියගේ සිරුරට ගිනි තබා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් ඊයේ (14)   ඇගේ සැමියා  සැකපිට    වවුනියාවේ පූවරසන්කුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කාන්තාව ජීවත් වූ නිවසේ දොර ජනෙල් වලින් ගින්නක් හා දුමක් යමින් තිබෙන බව දුටු අසල්වාසීන් වහාම එහි ගොස් බලන විට කන්තාවගේ සිරුරට ගිණි ඇවිලී තිබෙනු දැක ගින්න නිවා ඇයව රෝහල් ගත කළත් පසුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාවේ කට්පහපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි රාජේන්ද්‍රන් ආන්ද්‍රා නැමති 44 හැවිරිදි තුන් දරු මවකි. 


ඇයගේ සැමියා බිම් බෝම්බ ඉවත් කිරීමේ ආයතනයක සේවය කොට පසුව ඉන් ඉවත් වී  ඇති අතර ඔවුන්ගේ පවුලේ නිතර නිතර අඩදබර වූ බව  අසල්වාසීන් පොලීසියටපවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පූවරසන්කුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version