බිරියගේ  12 හැවිරිදි නැගණිය ගැබිණියක් කළ අපරාධකරුට හම්බන්තොට මහාධිකරණයෙන් වසර 39ක සිර දඬුවමක්… 

සූරියවැව නුවන් ජයසේකර 

 මීට වසර 14කට පෙර සිය අසනිප වී රෝහල ගත කර සිටි අවස්ථාවේ දී බිරියගේ  12 හැවිරිදි නැගණිය දූෂණය කර  ගැබිණියක් කළ 36 හැවිරිදි චුදිතට වසර 39ක බරපතළ වැඩ සිහිත සිර දඩුවමක්,රුපියල් 30,000ක දඩයක් හා රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඊයේ (18) සවස නියම නියෝග කළේය. 

මෙලෙස සිර දඩුවම් , දඩ හා වන්දි නියම වුයේ තිස්සමහාරාම පොලිස් බළ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකුටය.

චුදිතගේ බිරිද 2009 වසරේ අගොස්තු මස 01 වන දින ඇති වු හදිසි රෝගි තත්වයක් හේතුවෙන් නේවාසික ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළක් කර තිබේ. එම අවස්ථාවේ චුදිතගේ වයස අවුරුදු දෙක හමාරක  දරුවා රැක බලාගෙන  සිට ඇත්තේ බිරියගේ 12 හැවිරිදි නැගණිය විසිනි.

බිරිය රෝහල් ගත කළ දිනයේ චුදිත පුද්ගලයා විසින් චුදිතගේ බිරිදය 12 හැවිරිදි නැගණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ගැබිණියක කර තිබේ .2009.08.01 දින සිටි චුදිත විසින් අවස්ථා කිහිපයකදීම බිරියගේ බාලවයස්කාර නැගණියව දූෂණයට ලක් කර තිබේ.


පසුව සිද්ධිය පිළිබදව තිස්සමහාරාම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ෂණ කටයුතු ආරම්භ කර චුදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුව චුදිතට එරෙහිව පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් 2013.02.15 දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා 03ක් යටතේ නඩු පවරණ ලදි.

ඒ අනුව ඊයේ (18) සවස නඩුව විභාගයට ගත් මුල් අවස්ථාවේදීම චුදිත අදාල චෝදනාව සදහා වරද පිළිගැනීමකට ලක් කෙරුණි. ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතට එක් චෝදනාවකට වසර 13 බැගින් චෝදනා 03 සදහා වසර 39ක පරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් චෝදනා 03 සදහා රුපියල් 30,000ක දඩ මුදලක්ද නියම කල අතර එය නොගෙවන්නේ නම් වසර 01 බැගින වසර 03ක බර වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

මීට අමතරව අගතියටපත් දැරියට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙසට චූදිතට නියම කෙරුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චුදිත එම වන්දි මුදල නොගෙවයි නම් වසර 02ක බරපතළ වැඩ සහත සිර දඩුවමක් නියම කෙරුණි.නීතිපති වරයා වෙනුවට රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම මහතා පෙනි සිටියේය.

Exit mobile version