විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දී නැතැයි කීව ද අද (01) සහ හෙට (02) යන දින දෙක සඳහා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව ඇත.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ, ඊයේ (30) දිනය දක්වා පමණක් මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දී තිබු බවය.
තත්වය මෙසේ තිබිය දී විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර සිය ට්විටර් ගිනුමේ ප්රකාශයක් කරමින් දන්වා සිටියේ දිවා කාලයේ පැයක සහ රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුව දෙසැම්බර් මස 15 වනදා දක්වා අඛණ්ඩව ක්රියාත්මක කරන බවය.
1) Power Management Update –
Southern & Ella Tourism zone will be exempted from the 1 hour 20 min Night time Power cut from 1st Dec. Islandwide Power cut of 1 hour during the day & 1 Hour 20 mins during the night will be continued until the 15th of Dec.
— Kanchana Wijesekera (@kanchana_wij) November 30, 2022
දකුණ සහ ඇල්ල සංචාරක කලාපවල රාත්රී කාලයේ සිදුකෙරෙන පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවෙන් නිදහස් බව ද ඇමතිවරයා කීවේය.
එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බව කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්වටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.