බැසිල් අද තීරණාත්මක සාකච්ඡාවකට වාඩි වෙයි

රට යළි විවෘත කිරීම සහ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීම පිළිබඳව වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිතයි...

Basil-Rajapaksha

රට යළි විවෘත කිරීම සහ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීම පිළිබඳව වැදගත් තීරණ ගැනීමේ අදහසින් අදාළ අංශවල ඉහළ පෙළේ බලධාරීන් සහභාගී වන  තීරණාත්මක සාකච්ඡාවක් අද (11)  බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවේදී පවතින කොවිඩ් වසංගතය මැද ගුවන් තොටුපළ සහ වරාය විදේශික සංචාරකයන් සඳහා විවෘත නිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ගේ සංචාරක කර්මාන්තයේ ප්‍රධානීන් ගේ අදහස් සැලකිල්ලට ගැනීමට නියමිත වන අතර යළි රට විවෘත කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ ව තීරණය කිරීමට නියමිත බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳුකම පිටුදැකීම පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙම රැස්වීම කැඳවීමට මුල් වී ඇති අතර සංචාරක හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගුවන් සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, ගුවන් සේවා සහ ගුවන් තොටුපළ සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ  සභාපති උපුල් ධර්මදාස, ආගමන විගමන කොමසාරිස් ජනරාල් සරත් රූපසිරි ඇතුළු ප්‍රධාන පෙළේ පුද්ගලයන් ගණනාවක් ඊට සහභාගී වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යළි ශ්‍රි ලංකාව සංචාරකයන් සඳහා විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු තත්ත්ව, ඔවුන්ට අවසරය ලබා දිය යුතු ආකාරය සංචාරකයන් සඳහා හෝටල් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් සම්පාදනයේදී සහ අගමන විගමන ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු තත්ත්ව පිළිබඳව පූර්ණ වශයෙන් අවධානයට ලක් කිරීමට සහ ඒ පිළිබඳව ඉදිරි කටයුතු සඳහා වැදගත් තීන්දු ගැනීමට මෙම සාකච්ඡාවේදී බලාපොරොත්තු වන බව රජයේ ප්‍රකාශකයෙක් ලංකාසර ට පැවසීය.


Exit mobile version