බාහිර රොගී අංශ, සායන, රෝගී ප්‍රතිකාර සේවා, මුලුමනින් ඇණහිටී… නොසලකා හිටියොත් ප්‍රතිඵල වේදනාකාරී වෙයි… GMOA අනතුරු අඟවයි…

ශ්‍රියානි විජේසිංහ –                                            

රජයේ සහ පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු වැඩවර්ජනය කිරීම හේතුවෙන් රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සැළකිය යුතු ලෙස බිඳවැටී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ සහ පෞද්ගලික රෝහල්ව  බාහිර රෝගී අංශය , සායනයන් ,පරික්ෂණයන්, සැලසුම්කළ සැත්කම්  හා චැනලින් සේවාවන්  මුළුමනින්ම නතර වී ඇති බැවින් රෝගීන් මහත් අපහසුවකට පත්ව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

වැඩ වර්ජන ක්‍රියාත්මක වුවද රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.ී

රජය ක්‍රියාත්මක කරන අසාධාරණ  බදු ප්‍රතිපත්තීන්ට එරෙහිව මෙම දීප ව්‍යාප්තව දියත් කරන මෙම වැඩවර්ජනයට සමගාමීව අද දිනයේදී සවස 2.00ට කොළඹ හයිට්පිටියේදී වෘත්තිකයින්ගේ එකමුතුව විසින්   විරෝධතා රැළියක් ක්‍රියාත්මක කරන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම සහ රෝහල්වල ඖෂධ ප්‍රශ්නයට නිසි විසදුමක් ලබා දීමට රජය තවදුරටත් කටයුතු නොකරන්නේ නම් මීලග පියවර ඉතා දරුණු සහ වේදනාකාරී විය හැකි බව සංගමය අනතුරු අගවා සිටියි. 

Exit mobile version