බ්‍රිතාන්‍ය දුම්කොල සමාගමකින් අල්ලස්ගත්ත සිම්බාවේ හිටපු ජනාධිපති

බීබීසී පුවත්සේවයේ ගවේෂණාත්මක පුවත් වාර්තාවකින් බ්‍රිතාන්‍ය දුම්කොල සමාගමක් විසින්  තරඟකාරී සමාගම් වෙළෙඳපොලෙන් ඉවත් කිරීමට සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ හට අල්ලස් ලබාදුන් බවට හෙළිකර තිබේ.

ඒ අනුව බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනත් පහත් අතර මුදලක් මුගාබේගේ පක්ෂයට 2013 වර්ෂයේදී ලබාදී ඇති බවට බීබීසී පුවත්සේවය අනාවරණය කරයි.

එසේම අදාල සමාගම විසින් මුගාබේගේ මැතිවරණ කටයුතු වලටද මුදල් ආධාර විශාල වශයෙන් ලබාදී ඇති බවත් එමගින් සිය සමාගමේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් හෙළිවීම වසා ගැනීමට උත්සහකර ඇති බවටද වාර්තා වේ.


මේ අතර, අදාල දුම්කොල සමාගම විසින් සිය තරඟකාරී සමාගම් පිළිබඳ ඔත්තු බැලීමටත් ඔවුන්ගේ ක්‍රියාකරකම් අඩාල කිරීමටත් දකුණු අප්‍රිකානු ආරක්ෂක සමාගමක් යොදාගෙන ඇත.

එහිදී අදාල ආරක්ෂක සමාගම විසින්
බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගමේ තරඟකරුවන්ගේ දුම්කොල නිෂ්පාදන සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබේ.

එම ආරක්ෂණ සමාගමේ නිලධාරීන් බීබීසි පුවත්සේවයට අනාවරණය කර ඇති ආකාරයට සිය සේවාදායක දුම්කොල සමාගමේ තරඟකරුවන් පිළිබඳ තොරතුරු රැස්කිරීම් නීති විරෝධි ආකාරයෙන් සිදුකර ඇති බවයි.

බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම විසින් සිය තරඟකරුවන් සිම්බාබ්වේ හී පවත්වාගෙන ගිය දුම්වැටි නිෂ්පාදනාගාර තුනක් වසා දැමීමටද අදාල දකුණු අප්‍රිකානු ආරක්ෂණ සමාගමට උපදෙස් දී ඇති බවට අනාවරණය වී තිබේ.

එසේම බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම විසින් සිය තරඟකරුවන්ට එරෙහිව ගෙනගිය වැඩසටහන් යටපත් කිරීමට සිම්බාබ්වේ ඉහළ පෙළේ බලධාරීන්ටද විශාල වශයෙන් අල්ලස් ලබාදී ඇති බවත් ඒ සඳහා අදාල දකුණු අප්‍රිකාණු ආරක්ෂණ සමාගෙම යොදාගෙන ඇති බවට සාක්ෂි හමුව ඇත.

අදාල බ්‍රිතාන්‍ය සමාගම විසින් දකුණු අප්‍රිකාව තුලද සිය තරඟකරුවන් වෙළෙඳපොලෙන් ඉවත් කිරීමටත් ඔවුන් පිළිබඳ ඔත්තු බැලීමටත් විශාල වශයෙන් අල්ලස් මුදල් ලබාදී ඇති බවට බීබීසි පුවත්සේවය හෙළිකරයි.

ඒ අනුව බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගම විසින් සිය තරඟකරුවන්ගේ ඉහළපෙලේ සේවකයින්ගේ දුරකථන සංවාද වලට රහසින් සවන්දීමද සිදුකර ඇති අතරම තරඟකරුවන්ගේ කර්මාන්තශාලාවල සහ අයාතන තුල ඔත්තුකරුවන් යෙදවීම සිදුකර ඇති බවට අනාවරණය වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් බ්‍රිටිෂ් ඇමෙරිකන් ටොබැකෝ සමාගමේ නිතීඥයින් පවසන්නේ තරඟකාරී වෙළෙඳපොල තුල තරඟකරුවන්ගේ තොතුරු නීතිවිරෝදීව ලබාගැනීම කිසිදු වරදක් නොවන බවයි.

Exit mobile version