බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ විමර්ශනය ගැන නීතිපතිගෙන් පොලිස්පතිට යළි උපදෙස්

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිසා මනුෂ්‍ය ජීවිතයට අත් වී ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පළපුරුදු සහ දක්ෂ නිලධාරීන්ගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද නියෝගය අපරාධ කොට්ඨාශයට යොමු කිරීමක් පමණක් සිදු වී ඇති බවට පෙනී යන්නේ යැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

මෙම සිද්ධියේ මහජන වැදගත්කම, රටේ උද්ගතව ඇති හදිසි සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී විවිධ කොට්ඨාශවලින් ජේෂ්ඨ, දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් යුතු ඉහළ මට්ටමේ කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් ලිඛිත උපදෙස් ලබාදී තිබේ.

එම විමර්ශන සඳහා මේ වන විටත් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවත් නීතිපතිවරයාට දැනගන්නට ලැබී ඇත.


පසුගිය 26 වැනිදා වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති පසුබිමක එම කොට්ඨාශයට මේ විමර්ෂණය පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා භාරදී ඇතැයි නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම එම කොට්ඨාශයට මෙම විමර්ශනය කිරීමේ අපහසුතා පවතින බවට එහි අධ්‍යක්ෂවරයා විසින් ඊයේ වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත.

Exit mobile version