බස් ගාස්තු සංශෝධන සාකච්ඡාවේ දී බස් සංගම් බහින්බස් වේ… අවම ගාස්තුව 40 වූ බව සංගම් කියයි!

කීර්ති ප්‍රනාන්දු –

යළිත් ඉහළ ගිය  ඉන්ධන මිලත් සමඟ නව බස් ගාස්තු සංශෝධන ගැලපුම් සිදු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සහ බස් සංගම් නියෝජිතයින් අතර ප්‍රවාහන අමාත්‍යංශයේ දී පැවැති රැස්වීම්  තීරණයකින් තොරව නිමා වූ බව වාර්තා වේ.

මේ අවස්ථාවේ දී ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට එකඟව ගාස්තු වැඩිකරගැනීම සම්බන්ධව බස් සංගම් අතර උණුසුම්  තත්ත්වයක් පැන නැගී තිබේ. එම තත්ත්ව තුළ අමාත්‍යවරයා සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇත.

බස් සංගම් කීපයක් සියයට තිහක ගාස්තු වැඩිවීමක් ඉල්ලීමත්,  තවත් පිරිසක් ජාතික ප්‍රතිපත්තියට අනුව මගීන් හා කර්මාන්තය දෙකම ආරක්ෂා කරගයුතු බවත් පැවසීමත් මේ අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධව අමාත්‍යාංශයේ ධානාත්මක ප්‍රතිචාරයක් නොතිබීමත් හේතුවෙන් අවසන් තීන්දුවකට නොපැමිණි බව දැනගන්නට ඇත.

මේ පිළිබඳව  ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ තමන් එතැනට ගියේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය අනුව සාධාරණ ගාස්තු සංශෝධනයකට නමුත් එතැන සිටි බස් සංගම් මුග්ධ ලෙස හැසිරුණ බවය. මේ තත්ත්වය තුළ තමන් සාකච්ඡාවෙන් ඉවත් වී පැමිණි බවත් අවසන් නිගමන සමබන්ධව තමන් කිසිවක් නොදන්නා බවත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළ සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජන් පැවසුවේ මෙම සාකච්ඡාවේ දී අවම බස් ගාස්තුව රුපියල් 40 තෙක් ඉහළ නැන්වීමට තීන්දු වූ බවය.

Exit mobile version