බස් ගාස්තු වැඩිකිරීමට පෙර බස් සංගම් ඇමති සමග අවසන් සාකච්ඡාවක!

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශ කිරීමට පෙර බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  දිළුම් අමුණුගම සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ  අධ්‍යක්ෂ ජනරාල්  කමාන්ඩර් නිලාන් මිරැන්ඩෝ පැවසුවේ කාරණා ගණනාවක් පුළුල් ලෙස සලකා බලා කෙරෙන නියාමනයක ප්‍රතිඵලයක් ලෙස මෙම බස් ගාස්තු වැඩිවන බවය.

“බස්ගාස්තු ගණනය කරන්නෙ සෙක්ෂන් විදිහට. ලංකාවේ දිගම සෙක්ෂන් එක තංගල්ල සිට යාපනය. ඊට සෙක්ෂන් 320ක් අන්තර්ගතයි. මේ සියල්ලම ආවරණය වෙන්න සෙක්ෂන් 350 ක් පිළිබඳ සලකා බලා සමස්ථ බස් ගාස්තු වැඩිවීම ගණනය කරලා තියනවා. “


“විවිධ පාර්ශවවලින් දත්ත එකතු කර ඉන්ධන මිල වැඩිවීම, ටයර්, බැටරි, අමතර කොටස්වල මිල වැඩිවීම ඇතුලු වාහන නඩත්තු වියදම් මෙන්ම ඩොලරයේ අගය ගැනත් කාරුණු ගණනය කරලා   හැම පාර්ශවයකටම සාධාරණයක් ඇතිවන විදිහට මේ මිල වැඩිවීම  සිදුවන්නෙ.“ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කීවේ පවතින කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශන සහ ඉන්ධන මිල පිළිබඳව සලකා බලා කෙරෙන මෙම වැඩිවීම සිදුවන්නේ එම තත්වයන් යථාවත් වුන පසු බස් ගාස්තු යලි අඩු කිරීමේ කොන්දේසිය මත බවය.

Exit mobile version