බස්නාහිර අනතුරක… වැඩිම කොවිඩ් ආසාදිතයන් ගම්පහෙන්…

gampaha

 

ඊයේ හඳුනා ගනු ලැබූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස 591ක් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් 434ක් වාර්තා වී ඇති බවත්  කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇත.ඊයේ දිනයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 127, මහනුවර දිස්ත්‍රික්කයෙන් 78ක්, ගාල්ල 24ක්, යාපනය 08ක්, කෑගල්ල 32ක්, පුත්තලම 17ක්, අනුරාධපුර 23ක්, මාතර 32ක්, පොළොන්නරුව 05, මාතලේ 35ක්, අම්පාර 19, නුවරඑළිය 13, රතන්පුර 53ක්, වව්නියාව 01, හම්බන්තොට 06, බදුල්ල 03, මොණරාගල 05, මන්නාරම 06, ත්‍රිකුණාමලය 09ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 25ක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කළේය

Exit mobile version