බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලයට මුවා වී හැංගෙන්න නැතිව වරද කළා නම් පිළිගන්න… අපි සූදානම් සමාව දෙන්න… අපට අවශ්‍ය ඇත්ත පමණයි! කාදිනල් හිමියෝ කියති!

by editor
සැප්තැම්බර් 8, 2023
in පුවත්
SRI-LANKA-ATTACKS-CHURCH

Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ගොස් අලංකාර කතා පවත්වා ඉන් අනතුරුව කොක්ටේල් පාටිවලදී හමුවන ලෝක නායකයන් සමග අතට අත දී ඡායාරූප පලකිරීම පමණක් රටක නායකයෙකුට ප්‍රමාණවත් මදි බවත්, නායකයෙක් නම් තමන් දරන තනතුරට ගෞරව කර තමන් එම නායකත්වයට සුදුස්සෙක් බව පෙන්වා දිය යුතු බවත් කොළඹ අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

ලෝකයම කම්පා කළ මහා මිනී මැරුමක් සිදුවී ඒ සම්බන්ධව රටේ ප්‍රධාන පාර්ශව සම්බන්ධව සැක මතුකරමින්  තවමත් එය විසඳාගත නොහැකිව තිබෙද්දී    මේ රටේ නායකයට   විදේශීය රටවල්වල සංචාරයේ  නිරත වෙමින් අත් පොරවාගෙන සිටීමට නොහැකි බව කී කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ මේ තරම් කරුණු හෙළිදරව් වෙමින් ඇති අවස්ථාවක දැන්වත්  ලෝකයට පිළිගත හැකි අන්තර්ජාතික ස්වාධීන පරීක්ෂණයක්  ලබා දිය යුතු බවය.

කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද  පස්වරුවේ පැවති විශේෂ දේව මෙහෙයකට එක් වෙමිනි.

එක එක දේවල් එක එකවෙලාවට ඒ ගොල්ල තීන්දු කරන්න ගත්තා ඒකයි උනේ අරකයි උනේ කියලා. නමුත් ඒවා කිව්වට  තව තවත් අලුත් කරුණු කාරණා එළිදරවු වෙමින් පවතිනවා. අන්තවාදි තරුණ කණ්ඩායමක්  නෙමෙයි ඊට වඩා ලොකු අදිසි හස්ථයක් මේකට සම්බන්ධ වූ බවට දැන් කරුණු කරාණා මතු වෙමින් එනවා.

ඒකට සමහර අයට තරහා යනවා ඇති. එයාලගේ නම් කියැවෙනවා මේ කාරණාවේ දී. එයාල ඒවට සම්බන්ධ නැතිනම් එයාලා බය වෙන්න ඕන නෑ. උඩින් පල්ලෙන් විමර්ශනයක් කරලා ඒකයි උනේ අර විදිහටයි උනේ අරයයි කළේ කියලා කොලේ වහලා දාන්න අපට ඉඩ දෙන්න බෑ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මට තේරෙන්නෙ නෑ  මේ රටේ නායකයන් මේකට  මෙච්චර බය ඇයි කියලා. එහෙමනම් අපට හිතෙනවා මේ ගොල්ල මේ ඇත්ත හොයන්න මෙච්චර බය  ඒගොල්ල මේ අපරාධයට  සම්බන්ධ ඇති.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ගිහින් ලස්සන කතාවක් දීලා ආවට මදි.  කොක්ටේල් පාටිවලට ගිහින් ලෝක නායකයොත් එක්ක කතා කරලා පින්තූර ගැහුවට මදි. තමන් දරන තනතුරට ගෞරව කරන්න ඕන. තමන් දරන තනතුරට තමන් සුදුස්සෙක් කියලා පෙන්වන්න ඕන. මේ වගේ මහා මිනී මැරුමක් තවමත් අපට විසඳගන්න බැරිව මේ රටේ නොයෙකුත් පාර්ශවයන් පිළිබඳව සැක ඉපදිලා ඇති වෙලාවක මේ රටේ නායකයට බෑ විදේශීය රටවල්වල සංචාරය කරමින් මට ඕකෙන් වැඩක් නෑ කියලා අත්දෙක බැඳගෙන ඉන්න.

එහෙමනම් ඒ තනතුරින් ඉල්ලා අස්විය යුතුයි. තනතුරේ ඉන්නවා නම් තනතුරේ වගකීම ඉටුකළ යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේ දී අපේ රටේ නායකයගෙන් ඉතාම ඕනෑකමින්  ඉල්ලා සිටිනවා මෙන්න කරුණු හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ නිසා දැන්වත් කරුණාකරලා අපි ඉල්ලන මේ ජාත්‍යාන්තරයට පිළිගත හැකි න්‍යාය ධර්මයන් අනුව සිදුවන පරීක්ෂණයක් පවත්වන්න. අවංකකම කියන්නේ බලය පිටිපස්සෙ හැංගෙන එක නෙමෙයි. වරද කළානම් වරද පිළිගන්න. අපි සමාව දෙන්න සූදානම්.

මේ ශ්‍රේෂ්ඨ ආගම් අදහන මිනිස්සු හැටියට අපට පුලුවන් ඒක කරන්න. එහෙම කරන්න බැරිනම් අපි පළි ගන්නවා නම්  අපි ආගම් ඇදහීමෙන් මොකක්ද තියන තේරුම. අපිට පළි ගන්න ඕනෑකමක් නෑ. අපට ඕන කරන්නේ සත්‍යය.

කාදිනල් හිමියෝ කීහ.

 

Share69Tweet43
Previous Post

ආණ්ඩුවට එකතු වෙන්නේ ජනාධිපති අපේක්ෂකකම දුන්නොත් විතරයි… මෛත්‍රී කියයි!

Next Post

කතා කළ නොහැකි, කන් නෑසෙන පුද්ගලයෙක් කපා කොටා මරා දමලා…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.