බලපත් දුන්නට ඉන්ධන නෑ… එක්දින ධීවර යාත්‍රා 25500ක් වෙරළේ… පවුල් ලක්ෂ 03ක් අනාථයි!

එක්සත් ධිවර හා ධිවර කම්කරු සංගමය සුළු පන්න ධීවර ඛේදවාචකය රටට කියයි...

ලලිත් චාමින්ද

ඉන්ධන අර්බුදය හේතුවෙන් දැනට මාස දෙකක පමණ කාලයක සිට භුමිතෙල් නොලැබිම නිසා    ධිවර දේපාර්තමේන්තුවේ  ලියාපදිංචි එක්දින යාත්‍රා 25500ක් පමණ  මුහුදු රස්සාවේ යාමට නොහැකිව වෙරළ තිරයේ  ගාල්කොට ඇති  බැව් එක්සත් ධිවර හා ධිවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍රන්  පවසයි.

මෙම තත්වය නිසා දැනට මාස දෙකක පමණ කාලයක සිට    සෘජුව හා වක්‍රව සුළුපන්න ධිවර කර්මාන්තයේ යෙදෙන  ලක්ෂ තුනකට අධික ධිවර ප්‍රජාවගේ ආදායම් මාර්ග අහිමිවි ඇති බවද හෙතෙම පවසයි.

අදායම් මාර්ගය අහිමිවිම  නිසා දරුපවුල් පවා නඩත්තු කිරිමට නොහැකි තත්වයක් උදාවි ඇති බවද සුළුපන්න ධිවරයෝ පෙන්වාදෙති.

එම්. විජේන්ද්‍රන් මහතා මෙසේද කීවේය.


අපිට ධිවර දෙපාර්තමේන්තුව මගින්  දිනකට භුමිතෙල් ලිටර් 50ක් හා සතියකට පෙට්‍රල් ලිටර් 05ක් සදහා බලපත්‍රයක් දිලා තියෙනවා. බලපත්‍රය දුන්නාට භුමිතෙල් නැහැ. දැනට මාස දෙකක පමණ කාලයක සිට  මුහුදු රක්ෂාවේ ගියේ නැහැ.

ධීවර දේපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙනවා පිටත සවිකරණ එන්ජින් බෝට්ටු නැතහොත් එක්දින යාත්‍රා 25.500ක්  පමණ. මේ බෝට්ටු සියල්ල වෙරළ තීරයන්වල   ගොඩ ඇදලා තියෙනවා. මුහුදු යන්න භුමිතෙල් නැහැ. ගොවියාට පොහොර ටික දෙනවා වගේ සුළු පන්න ධිවරයාට භුමිතෙල් ටික ලබාදිය යුතුයි. රජයෙන් අපිට ශත පහක් දිලා නැහැ. දැල් අම්පන්න බෝට්ටු සියල්ල අපේ.

සුළුපන්න ධිවරයින් අල්ලනු ලබන මත්ස්‍ය වර්ග 118ක් පමණ අපනයනය කරණවා. ඉන් රටට ඩොලර් තමයි ලැබෙන්නේ. අපි කියන්නේ බොරතෙල් නැවක් හරි භුමිතෙල් නැවක් හරිගෙනවිත් මේ ප්‍රශ්නයට විසදුම් දෙන්න කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තෙල් සංස්ථාවේ භුම්තෙල් නැතිව  බලපත්‍ර දිලා වැඩක් නැති බවද  එස් විජේන්ද්‍රන්  කිවේය.

Exit mobile version