බර්ලීන් නුවර හැඩ කළ ශ්‍රී ලාංකිකයින්ගේ කලා පෙළහර…

විදෙස් රටවලින් පැමිණ ජර්මනියේ ජීවත් වන ජනතාව විසින් වාර්ෂිකව පවත්වන “කානිවල් ඔෆ් කල්චර්” උත්සවය පසුගිය 27 වන ඉරිදි සිට දින තුනක් පුරා ජර්මනියේ බර්ලින්හීදි පැවැත්විණ.

ඊට බර්ලින් ශ්‍රී ලංකා සංගමයද සම්බන්ධ වී සිටියි.

එහිදී එක් එක් ජාතින් රටවල් නියෝජනය කරමින් නිර්මාණාත්මක ප්‍රාසාංගික නිරූපණයන් ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකික ජනතාවද අලංකාර ප්‍රාසාංගික නිරූපණයක් ඉදිරිපත් කර තිබූ බව “කානිවල් ඔෆ් කල්චර්” හි උත්සවයේ ප්‍රධාන සංවිධායක ලංකානන්ද පෙරේරා ලංකාසරට පැවසීය.

ලාංකේය කලා උරුමයන්හි උත්කර්ෂය ජීවමාන කළ එම උළේලේ දී උඩරට රට පහත රට නර්තන සම්ප්‍රදායන් මුසු රංගනයක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකීය කලාකාමී ප්‍රජාව පැමිණ සිටි බොහෝ විදේශිකයින්ව ආකර්ශනය කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උත්සවයට ඉතා විශාල ජනතාවක් සහභාගී වූ බව ලංකානන්ද පෙරේරා තවදුරටත් පැවසීය.

Exit mobile version