බදියුදීන් බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට…

සිර කුටියෙන් ජංගම දුරකථනක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්  ලබන 24 දා යළිත් වරක් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට   ඉදිරිපත්  කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

සිද්ධියට අදාල චෝදනා ගොනු කර ඊයේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයේ මහේස්ත්‍රාත්වරයා හමුවට මන්ත්‍රීවරයා ඉදිරිපත් කර තිබේ. එම අවස්ථාවේ දී ඔහු අදාල චෝදනා සඳහා නිවැරදිකරු බව පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය සැප්තැම්බර් 01 දා මැගසින් බන්ධනාගාරයේ සිටිය දී මන්ත්‍රීවරයා ලඟ තිබී මෙම දුරකථනය සොයාගෙන ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලද මැගසින් බන්ධනාගාරයේ සිටි ජේලර්වරයෙක්   වවුනියාව බන්ධනාගාරය වෙත මාරු කර යැවීය.


Exit mobile version