බදියුදීන් පාර්ලිමේන්තු ගෙනාවොත් විමර්ශන කඩාකප්පල් වෙනවා… සරත් වීරසේකර

පාර්ලිමේන්තුවට එන්න නීතිමය බාධාවක් නෑ... නීතිපති

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පැහැදිලි සාක්ෂි මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නිසා ඔහුව පාර්ලිමේන්තුවට රැගෙන ඒම කෙරීගෙන යන විමර්ශනවලට බාධාවක් බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

“ ඔහු පාර්ලිමේන්තුවට රැගෙන ආවොත් දුරකථන මගින්  කතා කර විශාල වැරදි මත ඇති කර පරීක්ෂණවලට බලපෑම් ඇති කිරීමට හැකි බවත් විපක්ෂය මේ කරන්නේ පාස්කු පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ ප්‍රයත්නයක් බවත් ඔහු වැඩිදුරත් කීවේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුඩීන් මහතා පාර්ලිමේන්තු සැසියට  ඉදිරිපත් කිරීමට නීතිමය ගැටළුවක් නැතැයි නීතිපති රහස් පොලිසියට දැනුම් දී ඇත.


රහස් පොලිස් අධ්‍යක්ෂවරයා නීතිපතිගෙන් කළ විමසිමකට අනුව නීතිපතිවරයා මේ බව දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධියෙන් වසර දෙකකට පසු රහස් පොලිස් නිලධාරීන්  විසින් අත් අඩංගුවට ගත්  රිෂාඩ් බදියුදීන් සහ    ඔහුගේ සහෝදරයා  ආරක්ෂක ලේකම්ගෙන් ලබා ගත් රැඳවා තැබීමේ නියෝග යටතේ     මාස තුනකට රහස් පොලිසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.

Exit mobile version