බංගලි ඉන්දු වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට ටකා ගැන කතා

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩොලර් පීඩනය ලිහිල් කිරීම සඳහා ද්විපාර්ශවික වෙළෙඳ කටයුතුවලදී රුපියල් හා තකා යන තමන්ගේම මුදල් ඒකක භාවිතා කිරීමට ඉන්දියාව හා බංග්ලාදේශයට එකඟ වූ බව ‘ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
රට හරහා ගනුදෙනු කිරීම පහසු කිරීම සඳහා, බංග්ලාදේශ සොනාලි බැංකුව හා ඊස්ටර්න් බැංකුව, ඉන්දීය රාජ්‍ය බැංකුවේ හා අයිසීඅයිසීඅයි බැංකුව තුළ ගිණුම් විවෘත කිරීමට නියමිතය. එලෙසම බංග්ලාදේශ බැංකු දෙක තුළ එම ඉන්දීය බැංකු දෙක ද සිය ගිණුම් විවෘත කරන බව සඳහන් ය.
ගෝලීය ගිණුම්කරණයේ හා ගිණුම් ලෙස හඳුන්වන මෙම ගිණුම් විවෘත කිරීමට දෙරටේ මහ බැංකුවල අනුමැතිය අවශ්‍ය වනු ඇතැයි බංගලාදේශ බැංකුවේ සහ අදාළ වාණිජ බැංකුවේ නිලධාරියා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කරයි.
“රුපියල් හා තකා මුදල් ඒකක භාවිතා කරමින් වෙළෙඳ කටයුතු කිරීමෙන් ඇමරිකානු ඩොලරය මත තිබෙන පීඩනය අඩු වී යනු ඇත.. රටවල් දෙකම මෙමඟින් වාසි ලබාවි..”සොනාලි බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී හා කළමණකාරණ අධ්‍යක්ෂ එම්ඩී අෆ්සාල් කරීම් පවසා තිබේ.
ඇමරිකානු ඩොලරය වෙනුවට රුපියල් හා තකා මුදල් ඒකක භාවිතා කිරීම සම්බන්ධයෙන් මාස ගණනක් සාකච්ඡා කර තිබේ. කෙසේ වෙතත්, දෙරට අතර සිදුවෙන සියලුම ද්විපාර්ශවික වෙළෙඳ කටයුතු සඳහා දේශීය මුදල් ඒකක භාවිතා නොවනු ඇත.

Exit mobile version