බංගලාදේශය ලොක්ඩවුන්… ඉන්දියාවේ විශාල නගර කීපයක් අගුලු දැමීම ආසන්නයේ…

නව කොවිඩ් රැල්ල දකුණු ආසියාව කළඹයි...

මාස හයකින් පසු කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම ප්‍රමාණය වාර්තා වීමත් සමග   ඉන්දියාවේ විශාලතම නගර ලොක් ඩවුන් කිරීමේ අවදානමකට මුහුණ දී  ඇති අතර බංගලාදේශ දින 07ක් රට වසා දැමීමට තීරණය කර ඇත.

බංගලාදේශ මාර්ග ප්‍රවාහන අමාත්‍ය ඔබයිදුල් ක්වාඩර්  ඊයේ (03) ඩකා නුවර පැවති මාධ්‍ය හමුවකදී බංගලාදේශය ලොක්ඩවුන් කිරීමේ තීරණය සම්බන්ධව  බව ප්‍රකාශ කළේය. බංග්ලාදේශය සිකුරාදා සිය වැඩිම කොවිඩ් වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව වූ රෝගීන් 6,830 ක් වාර්තා කළාය. පැය 24ක් තුළ මරණ 50ක් වාර්තා වී තිබිණි.

ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය වූ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය, තාක්ෂණික අගනුවරවන බැංගලෝරය, ඉන්දියාවේ අගනුවර වූ දිල්ලිය මේ අවදානමට මුහුණ දී තිබේ. දැනටමත් එම ප්‍රාන්ත දැඩි සෞඛ්‍ය පිළිවෙත් වලට යොමු වී සිටී. පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තාවූ කොවිඩ්  ආසාදිතයන් 89129න්   47827ක් වාර්තා වූ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ලොක් ඩවුන් කිරීම සිදුවනු ඇති බව ඊයේ (03) ප්‍රාන්ත මහ ඇමතිවරයා ජනතාවට දැනුම් දුන්නේය.පසුගිය පැය 24 තුළ  ඉන්දියාවෙන්   මරණ 714ක් වාර්තා වී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රොයිටර් වාර්තාවකට අනුව, සැප්තැම්බර් 20 න් පසු ඉන්දියාවේ විශාලතම දෛනික වැඩිවීම මෙයය.  ඔක්තෝබර් 21 න් පසු වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඊයේ (03) ය.

 

 

Exit mobile version