පෞද්ගලික අංශයට කොවිඩ් එන්නත ගෙන්වන්න කිසිසේත් ඉඩ දෙන්නෙ නෑ…

ඖෂධ නියාමන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කියයි...

Oxford/AstraZeneca

Oxford/AstraZeneca

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෞද්ගලික අංශයට මොනම හේතුවක් මත හෝ කොවිඩ් මර්දන එන්නත ගෙන ඒමට ඉඩ ලබා නොදෙන බව ඖෂධ නියාමන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.

එන්නතක් නිෂ්පාදනය කිරීමේ සිට එය රෝගියාට ලබා දීම දක්වා වූ කාලයේදි එන්නතේ ප්‍රමිතිය සියයට සියයකින් ආරක්ෂා විය යුතු බැවින් එය ජාතික ප්‍රතිශක්තිකරණය වැඩ පිළිවෙළ තුල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම වසර ගණනාවක සිට සිදුවන්නක් බවත් පෞද්ගලික අංශය තුළ එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බැවින් එන්නත් ගෙන්වීම කිසිම හේතුවක් මත ඔවුන්ට බාර නොදෙන බව වෛද්‍ය රත්නායක අවධාරණය කරයි.

රෝගියාට එන්නත ලබා දීමට පෙර එහි සීතදාමය ආරක්ෂා විය යුතු බවත් රෝගියාට එන්නත ලබා දීමේදී එන්නතේ සුළු වෙනසක් හෝ සිදුව ඇත්නම් එම එන්නත් ඛාණ්ඩයම ඉවත් කරන බවත් ඔහු සඳහන් කරයි.

කොවිඩ් එන්නත් පමණක් නොව ඇතැම් අවස්ථාවන් වලදී ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අනුයුක්ත එන්නත් පවා නිසි ප්‍රමිතීයෙන් නොතිබූණ අවස්ථාවන්වලදී ඒවා භාවිතයෙන් ඉවත් කිරිමට කටයුතු කළ අතර ඉන් රජයට සිදුවූ පාඩුව අතිවිශාල බව පෙන්වා දෙන ලේකම්වරයා පෞද්ගලික අංශය මගින් මෙතරම් පාඩුවක් දරාගැනීමට කැමැත්තක් දක්වයිද යන්න කිව නොහැකි යැයි පවසයි.

එහෙත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යනී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මීට පෙර පුද්ගලික අංශයට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ මාත්‍රා ප්‍රමාණයක් වහාම ගෙන්වා දීමට අවස්ථාව සලසා දෙන බව පැවසුවාය.

Exit mobile version