පෝලිමේ සිට හෝ පාන් ගෙඩියක් ගන්න බැරිවේවි! බේකරි හිමියන්ගේ අනතුරු ඇඟවීම….

පෝලිමේ සිට හෝ පාන් ගෙඩියක් ගැනීමට ඉදිරියේ දී බැරිවනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියයි.

ඔහු පවසන්නේ මේ වනවිට බේකරි නිශ්පාදන සඳහා නිකුත් කරන්නේ අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණක් බවය.

මේ හේතුව නිසා වැඩි ලාභයක් සහිත කෙටි ආහාර වෙනුවෙන් එම පිටි ප්‍රමාණය යොදා ගන්නා අතර පාන් සහ රෝස් පාන් නිශ්පාදනයෙන් නිශ්පාදකයන් ඉවත් වෙමින් සිටින බව ද ඔහු කීවේය.


මේ තත්වය තුළ පිටි ආනයන කරුවන් විමසීමේ දී ඔවුන් පැහැදිලි කරන්නේ අවශ්‍ය තරම් පිටි සැපයීම ගැටලුවක් නොවන නමුත් අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් තමන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බවය.

“ අනිවාර්යයෙන් පාන් හිඟයක්. පෝලිමේ ගිහින්වත් ගන්න පාන් නැති වේවි. රජය මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා අප හිතනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිවරයා පෙන්වා දුන්නේ මිනිස්සුන්ගේ බඩගින්න ඇවිලෙන්න ආසන්න බවය.

 

Exit mobile version