පොහොර සමාගම් ඉදිරි මාස 04ට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දෙදහසක් හංගලා…

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි...

පොහොර සමාගම් විසින් රජයේ උපදෙස් නොතකා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දෙදහසක් සඟවාගෙන සිටි නිසා රට තුළ පොහොර හිඟයක් ඇති වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය.

පොහොර සමාගම් පොහොර තොග නැති බව ප්‍රකාශකරමින් තොග සඟවා ගනු ලැබීමත්, පොහොර ලේකම් කාර්යාලය අමාත්‍යවරයාගේ උපදෙස් පිළිනොපැදීමත් නිසා මේ තත්වය ඇත් වූ බවත්, ඉදිරි මාස 04 පිළිබඳව සලකා බලා පොහොර පිළිබඳ තීන්දුව ගනු ලැබුවේ වගාකරන බිම් ප්‍රමාණය හා රටට ගෙන්වනු ලැබූ පොහොර ප්‍රමාණය පිළිබඳ නිවැරදි තක්සේරුවකින් බවත් ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා කීවේ සී.අයි.සී සමාගම සතුව පොහොර මෙට්‍රික් ටොන් 21000ක්, බවර් සමාගම සතුව පොහොර මෙට්‍රික් ටොන් 8000ක්, හේලීස් සමාගම සතුව පොහොර මෙට්‍රික් ටොන් 28000ක්  සඟවාගෙන පැවති බවය.

ඊයේ (05) මෙම පොහොර සමාගම් ගෙන්වා පැය පහක් තිස්සේ උපදෙස් දුන් බව කී ඇමතිවරයා අද සිට ගොවිජනසේවා මධ්‍යස්ථාන හරහා අවශ්‍ය පොහොර රට පුරා බෙදා හරින බවත් සතියක් තුළ පොහොර ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් තහවුරු කළේය.

මේ වනවිට රටේ සියලුම දිස්ත්‍රික් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය හඳුනා ගත් බවත්, බදුල්ල දිස්ත්‍රික්කයේ එළවලු සඳහා මෙට්‍රික් ටොන් 500ක්, අල සඳහා මෙට්‍රික් ටොන් 200 නුවර එළිය දිස්ත්‍රික්කයේ එළවළු සඳහා මෙට්‍රික් ටොන් 1900ක් අල සඳහා මෙට්‍රික් ටොන් 3200 ක් අද දිනයේ සිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යවන බව ද ඇමතිවරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ අල එළවලු කෙසෙල් කුරුඳු තේ සඳහා අවශ්‍ය සියලු පොහොර දෙනවා. තේ වගාව සඳහා රමේෂ් පතිරණ ඇමතිතුමා මෙට්‍රික් ටොන් 50000ක් ඉල්ලුවා. ඉදිරි මාස 04 තුළ පොහොර ප්‍රශ්නයක් නෑ. කිසිදු පොහො හිඟයක් නෑ. “

“ වී සහනාධාරය සඳහා පොලොන්නරුවෙ සියයට 97කට පොහොර බෙදලා ඉවරයි. අනුරාධපුර සියයට 92ක් ඉවරයි. “ ඇමතිවරයා සියලුම ලේඛන සභාගත කළේය.

Exit mobile version