පොලොන්නරුව වනජීවී කලාපයේ පමණක් ගිය අවුරුද්දේ ලක්ෂ 350ක් අලි වෙඩිවලට වියදම් කරලා…

ඒත් අවුරුද්ද තුළ කලාපයේ ජීවිත හානි 33 යි... වන අලි මරණ 88යි.. ශාරීරික හානි 23 යි... දේපල හානි 687 යි...

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව වනජීවී කලාපයේ පමණක් ගත වු 2022 වර්ෂයේදී අලින් පලවා හැරීම සඳහා අලි වෙඩි වෙනුවෙන් රුපියල් ලක්ෂ 350 කට අධික වියදමක්, දරා ඇති බව පොලොන්නරුව අඩවි ආරක්ෂක, ඩබ්ලිව්.එම්, කුමාරසිරි විජේකෝන් සඳහන් කළේය.

එමෙන්ම ගත වූ වසර ඇතුළත අලි, මිනිස්, ගැටුම් වලින් මිනිස් ජීවිත තිස්තුනක් සහ වනඅලින්ගේ ජීවිත අසූඅටක් රටට අහිමි වී ඇති බවද අප කළ විමසීමකදී කුමාරසිරි විජේකෝන් කීවේය,

දේපල හානි 687 ක් සහ ශාරීරික හානි 23 සිදුව ඇති බවට පෙන්වා දුන් කුමාරසිරි විජේකෝන් අලි, මිනිස් ගැටුමට ප්‍රධානම හේතුවක් ලෙස පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල වන අලින්ගේ, වනසතුන්ගේ නිජභූමි මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම බවද සඳහන් කළේය,

වන අලින්, වන සතුන්, වාසය කරන වනාන්තර, කැලෑ, හෙළිවීමත් සමග එහි සතුන් ජලය සහ ආහාර සොයා ගම්බිම්වලට කඩාපැන භවභෝග විනාශ කරන බවත්, ඇතැම් ගොවීන්ට වනඅලි පලවා හැරීම සඳහා අලිවෙඩි ලබාදීමට සිදුව ඇති බවත්, බොහෝ ප්‍රදේශවල බහුජාතික සමාගම්වලට රජය බදු පදනම මත ලබාදුන් ඉඩම් හෙළි පෙහෙළි කිරීමෙන් වන අලි ගම් වදින ඔහු පැවසුවේය.


එම බහුජාතික සමාගම් හරහා ඉඩම් බදු වලින් රජයට ලැබෙන ආදායමට වඩා, එම ක්‍රියාකාරකම් හේතුවෙන් ගම්වදින වන අලි පලවා හැරීමට රජයට අලිවෙඩි සඳහා වැය කිරීමට සිදුව ඇති බවද වන අඩවි ආරක්ෂකවරයා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශවල බහු ජාතික සමාගම්වලට ඉඩම් ලබාදීමෙන් එහි සිටින වන අලි ගම්වැදීම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් විජයකෝන් මහතා ඒ බව සඳහන් කළේය.

Exit mobile version