පොලොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපලේ වන අලියෙක් මරා වළ දමලා…

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොලොන්නරුව කන්දකාඩු යුධ හමුදා ගොවිපොළ භූමියට අයත් ඉඩමක මරා වල දමා සිටි වන අලියෙක්  සොයා ගත් බව   සෝමාවතිය වනජීවී නිලධාරීහු සඳහන් කරයි.

මීට දින දෙකකට පෙර මරා දමා ඇති මෙම වන අලියා වළ දැමීමෙන් අනතුරුව මතුවන ශරීර කොටස් සැඟවීම සඳහා     පස්වලින් වසා මයිල් කොළ අතුවලින් වසා තිබුණ  බව සෝමාවතිය අඩවි සහකාර සී,ඒ, වනසිංහ   අප කළ විමසීමේදී පැවසීය ,

මරා සඟවා දැමූ වන අලියා…

පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව එම වන අලියා මරා වළදමා ඇති ස්ථානයට ඊයේ (05)    උදෑසන ගොස්  සිදුකළ  සොයා බැලීමක දී මෙම අපරාධය හෙළිදරව් වූ බව අඩවි සහකාරවරයා කීවේය.

කොළ අතු ඉවත් කළ පසු…

මේ පිළිබඳ 05 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වන අලියාගේ සිරුර ගොඩගෙන ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද   අප කළ විමසීමකදී සෝමාවතිය අඩවි සහකාර සී,ඒ, වනසිංහ  සඳහන් කළේය.


අප මේ පිළිබඳව කන්දකාඩු ගොවිපල යුද හමුදා කදවුරේ දුරකථනය අංකය සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳ විමසීමට කිහිපවරක් උත්සාහ ගත්තද එය ව්‍යාර්ථ විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එල්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි සෝමාවතිය අඩවි සහකාර සී.ඒ වනසිංහ, අඩවි ආරක්ෂක, ජී,ඒ,පිම් පැතුම් මනහර, වන සත්ව ආරක්ෂක, එච්.එම්.සී. කරුණාතිලක යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

Exit mobile version