පොලිසිය හොයන බොබ්මාලේ ගාල්ලේ පොලිසියකින් අල්ලා අතහැරලා

පොලිසිය විසින් ඡායාරූප සමඟ අද දිනයේ ප්‍රසිද්ධ කොට අල්ලා ගැනීම සඳහා මහජන සහය පතන මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධ සැකකරුවකු වන බොබ්මාලේ හෙවත් කළුදුර චමින්ද තාබ්‍රෙව් නැමැත්තා මෑතකදී ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබී මෙන් පසුව මුදාහැරි පුද්ගලයකු බවට පොලිස් බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.

ඩුබායි හී රැදී සිටින කොස්ගොඩ සුජීගේ මත්කුඩු ජාලය මෙරටදී මෙ‍හෙයවන මෙම පුද්ගලයා බහුධින ඡීවර යාත්‍රා පදවන්නකු වන බවත් ඔහු මෑතකදී ගාල්ල පොලිසියකින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ මුහුදේ සිට මත්ද්‍රව්‍ය මෙටහෙයුම් සිදු කිරීමට භාවිත කරන චන්ද්‍රිකා (සැටලයිට්) දුරකථනයක්ද තිබී ඇති බව සඳහන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දූෂිත පොලිස් නිලධාරීන් සමග ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති බොබ් මාලේ නැමැත්තා මුදා හැර ඇත්තේ අත යට සිදුවූ ගනුදෙනුවකින් පසුව බවට බුද්ධි අංශ සැක පහළ කරන අතර මේ පිළිබඳව කරුණු සොයා බැලීමක් මේ වන විට සිදුවෙමින් ඇතැයි දකුණේ පොලිස් ප්‍රධානියෙක් පැවැසීය.


Exit mobile version