දිනසේන රතුගමගේ
කොරෝනා උවදුර නිසා වවුනියාව අධිකරණයේ නඩු කල් දැමීම හේතුවෙන් කනගරායන්කුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටින ගවයින් 26 ක් සහ එළුවන් 24 ක් නිදහස් කර ගැනීම විශාල ගැටලුවක් බවට පත්ව තිබේ.
මේ නිසා දැනට මාසයක පමණ කාලයක් කනගරායන්කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන්ද ද හමුදා නිලධාරීන්ද මනුසත් අභයදාන සංවිධානය නිර්මාතෘ සභාපති පූජ්‍ය ඩබ්ලිව්.පඤ්ඤානන්ද හිමියෝද තවත් විශාල පිරිසක්ද ගවයින්ට හා එලුවන්ට ආහාර හා ජලය සපයා දීමේ කාර්යයට එක්ව සිටිති.
මනුසත් අභයදාන සංවිධානයේ අනුර ප්‍රසන්න කෝට්ටේආරච්චි ඇතුලු පිරිසක් කොළඹ සිට වවුනියාවට පැමිණ යුද හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් සම්බන්ධිකරණය කරමින් ගවයින්ට හා එලුවන්ට ආහාර ලබා දෙමින් සිටියි.
මේ අතර කාලයේ එක් එළදෙනක් විසින් පැටවකුද බිහි කොට තිබේ.