පොලිසියේ ගෞරවය නැති කරන පුස් වෙඩිල්ල පොලිස් ඇමතියි! – අනුර කුමාර දිසානාය

අත්අඩංගුව පත් පුද්ගලයෙක් ජීවත් වෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ රටේ පොලිස් ඇමති සහ පොලිස්පතිවරයා නම් එය කුමන ආකාරයක යුක්ති ධර්මයකටවත් එකඟ නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු   මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ පොලිස් ඇමති පොලිසියේ ගෞරවය නැති කරන පුස් වෙඩිල්ලක් බවය.

ඔහු මෙසේ ද කීවේය.


“වසර ගණනක් තිස්සෙ එකම නාටයකයක් රඟ දැක්වෙනවා. අත්අඩංගුවට ගත්තු පුද්ගලයෙක් මිය යනවා ආයුද පෙන්වන්න ගිහින්… එතන තිබුණ ආයුධයක් පෙරළා එල්ලකිරීම හේතුකොට ගෙන.“

“සාමාන්‍යයෙන් පොඩි ළමයිවත් ඔය අල්ලන සෙල්ලම කරන්නේ නෑ. එක දවසක දොර මුල්ලෙ හැංගුනොත් අනෙක් දවසෙ ඇඳ මුල්ලෙ හැංගෙනවා.  හැබැයි තමුන්නාසෙලගෙ පොලිසිය එහෙම නෙමෙයි. අත්අඩංගුවට ගන්නවා. ආයුද  පෙන්වන්න එක්ක යනවා. ඒ ආයුදයක් පෙරළා අතට ගන්නවා. පොලිස් නිලධාරීන්ට පෙරළා එම ආයුධයෙන් වෙඩි තියන්න උත්සාහ කරනවා. නැවත පෙරළා වෙඩි තැබීමෙන් ඔහු ඝාතනය වෙනවා.“

“ඔබතුමා කියන්න. කවුද මේක පිළිගන්නෙ. ඔබතුමා කියන්න මේක පිළිගත යුතු ද කියලා.   අපේ රටේ කිසිවෙක් මැරෙනවා ද ජීවත්වෙනවා ද කියන අයිතිය තීරණය කරන්නෙ කවුද?. තමුන්නාසෙ ද? නැතිනම් පොලිස්පති තුමා ද. පොලිස්පති තුමාට මොකක්ද  තියන අයිතිය පුද්ගලයෙක් ජීවත් වනවාද නැද්ද කියලා තීරණය කරන්න.

මේ ම්ලේච්ඡකම නැතිකරන්න  තමයි ශිෂ්ඨාචාරයක් ගොඩනැගුනේ… ඒ ශිෂ්ඨාචාරය ඇතුළෙ තමයි විධිමත් නෛතික භාවයක් ආවෙ.

අසූ අට අසූනමය කාලයේ මේ ශිෂ්ටාචාරය තිබුනේ දැයි  මේ අවස්ථාවේ දී  මහජන ආරක්ෂක ඇමතිවරයා ඇසුවේය.      

“අපි 88 -89 ගැන කතා කරනවා නම් වෙනම කතා කරමු. මම එතකොට  ඔබතුමාගෙ අයියා ගැනත් කතා කරන්නම්. “

“මම දන්නෙ නැද්ද ඔයාගෙ හැටි… ඔබතුමා පුස්වෙඩිල්ල වගේ. කරුණාකරලා පුස් වෙඩි පත්තු නොකර ඉන්න. ඔබතුමා මොනවද මේ රටට නොකිව්වෙ.  මාව සී.අයි.ඩී එකට ගෙනියනවා කිව්වා. නියෝජ්‍ය කතානායක තුමනි. පොලිසියට තියන ගෞරවය නැති කරන්නෙ පොලිස් ඇමති.“

“මා නිශ්චිත වශයෙන් කියන්නෙ කෙනෙක් ජීවත්වෙනව ද නැද්ද කියලා තීන්දු කරන්න ඇමතිවරයාට බෑ. පුද්ගලයෙකුට දඬුවමක් දෙන්න විධිමත් ආයතන පද්ධතියක් තියනවා. ඒ හරහා දඬුවම් දිය යුතුයි. එහෙම නැතිව පොලිස් ඇමතිවරයාගේ හා පොලිස්පතිවරයාගේ සිතැඟි අනුව කෙනෙක් ඝාතනය වෙනනවා නම් එය යුක්ති ධර්මයට පටහැනියි. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තමන්ගෙ ඔළුවෙ ඇතිවන මනංකල්පිත සිතිවිල්ල නම් කෙනෙක් ජීවත් වෙනවා ද නැද්ද කියලා තීරණය කරන්නෙ ඒක කොහොමද යුක්ති සහගත වෙන්නේ.“

Exit mobile version