නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අද ( 09) නියෝග කළේය.
මෙම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.
නුගේගොඩ සැලෝන් එකක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා පොලිසියට පරුෂ වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කරන ආකාරය හෙළිදරවු වීමෙන් පසුව ප්‍රදේශයෙන් ද පලාගොස් තිබිණි.
අනතුරුව ඔහු ඊයේ නීතිඥයෙක් මාර්ගයෙන් පොලිසියට භාර වූයේය.