තමන් රන්මල් කොඩිතුවක්කුගේ නැගනිය බව පවසමින් රථ වාහන වරදකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී හැසිරෙන කාන්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ නැගනිය නොවන බව පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඊයේ (31) දිනයේ දී මෙම සිද්ධිය සිදුවී ඇත්තේ කොටුගොඩ උඩුගම්පොල මාර්ගයේ ය. එහිදී මාර්ගයේ තනි ඉර කපා ධාවනයේ යෙදී සිටි කාන්තාවට වාහනය නවත්වන ලෙස පොලිසි නිලධාරීන් දැන්වූව ද පොලිස් අණ නොතකා රිය ධාවනය කර තිබිණි.
එම හඹා ගොස් උඩුගම්පොළ ප්‍රදේශයේ දී ඇය නවත්වා ඇයගෙන් අදාල ලියකියැවිලි ඉල්ලා සිටිද්දී ඇය වියරුව හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබිණි.
ඇය එහිදී සඳහන් කරන්නේ තමන් රන්මල් කොඩිතුවක්කුගේ නැගනිය බවය. අනතුරුව උඩුගම්පල හන්දියේ දී ද පොලිසියට සහ මේ කාන්තාවගේ හැසිරීමට එරෙහි වූ සිවිල් වැසියන් නොතකා රිය ඉදිරියට ධාවනය කර තිබේ.
අනතුරුව රිය නවත්වා ගත හැකි වන්නේ මිනුවන්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත හන්දිය ප්‍රදේශයේ දී ය. එතැනදී සැකකාර කාන්තාව අත් අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අන්තරාදායක ලෙස රිය පැදවීම, අපරික්ෂාකාරී රිය ධාවනය, පොලිස් සංඥා නොතකා රිය ධාවනය, සාපරාධී බලහත්කාරය, අනෙකෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
එම නිවේදනය පහත දැක්වේ.








