පොලිසියට එරෙහිව පුතූර් රජයේ බෙහෙත් ශාලාවේ වැඩ වර්ජනයක්!

දිනසේන රතුගමගේ –

යාපනයේ පුතූර් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරයාට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවරක් අනුගමනය නොකිරීම නිසා ඊට එරෙහිව එම බෙහෙත් ශාලාවේ සියළු කාර්ය මණ්ඩලය ඊයේ ( 25 ) සිට වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ.

එම මධ්‍යම බෙහෙත් ශාලාවට  යාබද ස්ථානයක අධික ලෙස  ශබ්දය නැගෙන පරිදි ශබ්දවාහිනී යන්ත්‍ර  සවි කොට ආගමික උත්සවයක් පවත්වා ඇති අතර එය රෝහලේ කටයුවලට බාධාවක් බව සංවිධායක මණ්ඩලයට වෛද්‍යවරයා දැනුම්  දීමෙන් පසුව ඊට කුපිත වූ පිරිසක් බෙහෙත් ශාලාවට කඩා වැදී දේපල හානි සිදුකර වෛද්‍යවරයාට මරණීය තර්ජන එල්ල කොට පහර දීමටද සූදානම් වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත කළ පැමිණිල්ලට  සාධාරණයක් ඉටු නොවීම නිසා ඊට එරෙහිව මෙම වැඩ වර්ජනය දියත් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුතූර් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්යවරු ඇතුලු කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කොට ඇතත් පොලීසිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් අනුගමනය කොට නොමැති නිසා වැඩ වර්ජනය දිගටම ක්‍රියාත්මක වෙයි.


Exit mobile version