ශ්‍රී ලංකා පොලිස් සේවය සඳහා විශේෂ වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට සාකච්ඡා කරමින් පවතින බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ වර්තමාන වැටුප් වැඩිවීමත් සමග පොලිස් නිලධාරීන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ වැටුප් විෂමතා නැති කිරීම සදහා පොලිස් සේවයට ලබා දුන් සියයට 40ක දීමනාව අඩු වී ඇති බවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී මහජන ආරක්ෂාව පිළිබද ඇමති ආනන්ද විජේපාල මෙසේ ද පැවසුවේය.
” දැනට මූලික වැටප පොලිස් කොස්තාපල්වරයෙකුගේ 29540 යි… ඒක මේ අවුරුද්දෙ 44 293ක් වෙනවා. ඒ අනුව පොලිස් කොස්තාපල්වරයෙකුට මේ අවුරුද්දේ වැඩි වෙනවා රුපියල් 6282 ක්. පොලිස් සාජන්ට් කෙනෙකුට රුපියල් 6442. 54ක්. එස්.අයි කෙනෙකුට රුපියල් 6551.72ක්. අයි.පී කෙනෙකුට රුපියල් 7040.24ක්. සීඅයි කෙනෙකුට වැඩි වෙනවා රුපියල් 7655.75ක්. ඒඑස්පී කෙනෙකුට වැඩි වෙනවා රුපියල් 8244.11ක් එස්එස්පී කෙනෙකුට 9925ක්. ඩී.අයි.ජී සහ සීනියර් ඩීඅයිජී ට රුපියල් 11118ක්. අයි.ජී.පී ට රුපියල් 13223ක් මේ වර්ෂය තුළ වැඩි වෙනවා.”
“ඊට අමතරව පොලිස් කොස්තාපල් කෙනෙකුගේ දැනට 29540ක තිබෙන මූලික වැටුප මේ අවුරුද්දෙ දි 44 293ක් වෙනවා. 2026 දි 46 921ක් වෙනවා. 2027 දී මූලික වැටුප රුපියල් 49550ක් වෙනවා.”
“මේකට අදාලව අනිකුත් දීමනා වැඩි වෙනවා. ඊට අමතරව අපි දැනට සාකච්ඡාවක නිරත වෙලා ඉන්නවා පොලිස් සේවයට වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කරන්න. ” ඇමතිවරයා පැවසුවේය.







