සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති ලෙස අපරාධකරුවෙක් පත් කරගැනීමේ කරුමය!

by editor
අගෝස්තු 6, 2025
in පුවත්
Deshabandu-Thennakoon
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

2002 අංක 05 දරණ නිළධරයන් ඉවත් කිරීමේ (කාර්ය පරිපාටිය පනතේ) 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය ඊයේ (05)පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය. මෙහිදී යෝජනාවට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය බව වාර්තා වේ. මේ යෝජනාව සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් එනම් 177ක් යෝජනාවට පක්ෂව භාවිතා කරන ලද අතර ඒ අනුව අදාල යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය.

මෙම යෝජනාව ඇතුළත් ඉල්ලීම මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායක වරයා වෙත බාරදුන්නේ පසුගිය මාර්තු මාසයේදීය. යෝජනාව 2025 අප්‍රේල් මස 08 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි. ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි පැවසෙන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල ආකාරයෙන් අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳව විමර්ශනය වාර්තා කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී.සූරසේන ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද මේ කමිටුවට විනිසුරු ඩබ්.එන්.පී.ඉද්දවල,සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ඊ.ඩබ්.එම්.ලලිත් ඒකනායක නම් කරන ලදී.

මෙම කමිටුව මගින් සිදු කරන ලද විමර්ශනයේ අවසන් වාර්තාව පසුගිය ජුලි මස 21 වන දින කතානායකවරයාට බාර දුන් අතර ජුලි මස 22වන දින එය සභාගත කරනු ලැබීය.එම පරීක්ෂණ කමිටු වාර්තාවට අනුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නගන ලද සමස්ත චෝදනා 23 අතරින් චෝදනා අංක 1,2,3,4,5,6,7,8,9,10,13,14,15,
16,1718,19,22,23 ,චෝදනා වලට ඔහු වැරදිකරු කර තිබුණි.

පොලිස්පති වෙන්නට පෙර පැටිකිරිය-

පාර්ලිමේන්තුවෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා කිරීමට පෙර ඔහු පොලිස්පති ධුරයට පත් වීමට පෙර ⁣නඩු කිහිපයක විත්තිකරු ලෙසට චෝදනා ලබා තිබුණි. 2022 මැයි 09 වන දින ගාලු මුවදොර සාමකාමී අරගල කරුවන්ට පහර දීමේ නඩුවේ දේශබන්දු තෙන්නකෝන් 16 වන විත්තිකරු විය.

එසේම 2019 අප්‍රේල් මස 21 වන දින මෙරට සිදු වූ ඉරිදා පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ඔහුට එරෙහිව පවතින බරපතල චෝදනාවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වූ ඡ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව සාවද්‍ය නඩුවක් පැවරීම සම්බන්ධයෙන්ද දේශබන්දු තෙන්නකෝන් චෝදනා ලබා තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අත් අඩංගුවේ සිටියදී මාකඳුරේ මදූෂ් ඝාතනයද ඔහුගේ අනු දැනුම යටතේ සිදු වූවක් බවට වූ චෝදනාවකි. 2020 වසරේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ ජෝර්ජ් ප්ලොයිඩ් ඝාතන විරෝධී උද්ඝෝෂණයට පහරදී උද්ඝෝෂකයන් විශාල පිරිසක් නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුවේ දේශබන්දු වග උත්තරකරුවෙකි. 2022 අප්‍රේල් 02 වන දින සමාජ ක්‍රියාකාරිකයකු වූ අනුරුද්ධ බණ්ඩාර නීති විරෝධීව අත් අඩංගුවට ගැනීමට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේද දේශබන්දු තෙන්නකෝන් වග උත්තරකරුවකු ලෙස නම් කර තිබේ.

2009 වර්ෂයේ ජුනි 21 දින මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් අමානුෂික වද හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව සාක්ෂි අධිකරණය⁣ට ඉදිරිපත් නොකි⁣රීමේ චෝදනාවද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව වේ.

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර ගත කෙරිණි.

2021 වර්ෂයේදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දේශබන්දු තෙන්නකෝන් ෆේස් බුක් මාධ්‍යය ඔස්සේ තර්ජනය කිරීමක් පිළිබඳවද වාර්තා වී තිබේ.

⁣දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව තිබෙන චෝදනා අතරින් සුප්‍රසිද්ධ චෝදනාව⁣ වූයේ අත් අඩංගුවට ගත් සැකරුවන් කිහිප දෙනෙකුගේ ලිංගේන්ද්‍රියන්වල සිද්ධා⁣ලේප ගා කෘෘර වද හිංසා පැමිණ වූ බවට වූ චෝදනාවයි

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සිද්ධාලේප ගෑමේ මූලික අයිතිවාසිකම් නඩුව පැවරුණේ 2011 ජනවාරි මාසයේදීය. එම නඩුවේ පැමිණිලිකරු වූයේ මිල්ලෑව කිඳෙල්පිටිය පදිංචි රංජිත් සුමංගල නම් හිටපු හමුදා සෙබළෙකි.

2010 දෙසැම්බර් මස 15වන දින රැකියාවට යාම සඳහා තුන් රෝද රථයකින් ගමන් කරමින් සිටි රංජිත් සුමංගල පොලිස් කණ්ඩාමක් විසින් පැහරගෙන ගොස් දඹර සූසාන භූමිය වෙත ගෙන ගොස් වද හිංසා පමුණවමින් සොරකමක් පිළිබඳව ප්‍රශ්න කර තිබුණි.

රංජිත් සුමංගල අත් අඩංගුවට ගෙන තිබුණේ එවකට නුගේගොඩ පොලිස් අධිකාරී වූ දේශබන්දු තෙන්නකෝන් ⁣වෙත ලැබී තිබුණ නිර්නාමික පැමිණිල්ලකට අනුවය. ඔහුට කෘෘර වද හිංසා පැමිණවීමෙන් පසුව ඔහු ⁣දෙසැම්බර් 22 දින මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී රංජිත් සුමංඟල තමාට පොලිස් නිළධාරීන් වද හිංසා පැමිණවූ බවට පැමිණිලි කර සි⁣ටියේය.

තමන්ට පොලීසිය වද හිංසා පැමිණවීම ගැන රංජිත් සුමංඟල 2011 මාර්තු 06 වන දින මානව හිමිකම් කොමිසමට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කිරීමෙන් අනතුරුව එය 2011මාර්තු 10 වන දින විභාගයට ගත් අතර එම පෙත්සමේ දෙවන වග උත්තරකරු මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී නොසිටීම නිසා පරීක්ෂණය දින නියමයක් නැතුව කල් දැමුවේය.

2011වර්ෂයේ ජනවාරි මාසයේ රංජිත් සුමංඟල විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමෙහි 5 වන වග උත්තරකරු වූයේ එවකට නුගේගොඩ කොට්ඨාශයේ පොලිස් අධිකාරී වූ දේශබන්දු තෙන්නකෝන්ය. මේ නඩුවේ වග උත්තරකරුවකු ⁣වූ දේශබන්දු තෙන්නකෝන් වසර දහයක් ගෙවී යන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයට වග උත්තර බැන්දේද නැත. ඔහු එම නඩුවට වග උත්තර බඳින ලද්දේ 2023 වර්ෂයේ ඔක්තෝම්බර් 05 වන දිනය. එහිදී ඔහුට එරෙහිව තිබූ ඔහු විසින් පුද්ගලිකවම පැමිණිලිකරුට වද හිංසා පමුණවන බවට ⁣වූ චෝදනාවට වග උත්තර බැඳ නැත.

රංජිත් සුමංඟල වධයට පත් කළ හැටි

රංජිත් සුමංඟල ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත ඉදිරිපත් කරන මූලික අයිතිවාසිකම්
පෙත්සමේ තමා පොලිස් අත් අඩංගුවට ගැනීමෙන් පසුව මිරිහාන පොලීසියට යාබදව තිබූ වධකාගාරයේදී කළ වධ හිංසා පිළිබඳව මෙසේ සඳහන් කර තිබුණි.

‘…2010 දෙසැම්බර් මස 17 වන දින උදය වරුවේ මා එම ගොඩනැගිල්ලේ පිටුපස තිබෙන පරණ ගොඩනැගිල්ලකට මාව රැගෙන ගියා. ඒක ඇතුළෙ ග්‍රවුන්ඩ් එකක් තිබුණා. ග්‍රවුන්ඩ් එක වටේට කොන්ක්‍රීට් කාමර තිබුණා.පොලිස් නිළධාරීන් හය හත් දෙනෙක් විතර එහි සිටියා. ජනේලයයි උළුවස්සයි අතරින් පරාලයක් දාල මා නිරුවත් කර එහි එල්ලුවා. මගේ මල්ලී, රංජිත් හා නිසාන්ත එතැන සිටියා. එතැන රබර් හෝස් එකක් සහ පොල්ලක් තිබුණු බවද මම ප්‍රකාශ කරමි. මගේ කකුල් දෙක බැඳලා ඔලුව පහතට දමලා එතැන තිබුණ වතුර පොන්ඩ් එකට ඔබමින් සිටිද්දී මට හුස්ම ගන්න බැරුව දඟලන විට ගොඩට ගත්තා. නැවත නැවතත් එසේ කළා .මේ අකාරයට අපි හතර දෙනා වරින්වර එසේ දැම්මා. සවස 04 වන තුරු මේ ආකාරයෙන් අපට නොයෙක් වද හිංසා කෙරුවා. මිරිස් කුඩුයි ,පෙට්රල් හා ෂොපින් බෑග් ගෙනාවා. ෂොපින් බෑග වලට පැට්‍රල් දමා මූණට ඇල්ලුවා. හතර දෙනාටම එහෙම කළා. පසුව හතර දෙනාම නිරුවත් කර ලිංගේන්ද්‍රියන් මිරිස් කුඩු දමා මාරුවෙන් මාරුවට ලිංගික අ⁣පයෝජනය කළ බවට ප්‍රකාශ කර සිටිමි.”

“ඇඳුම් වෙලා ගත් පසුව නැවතත් අර බිල්ඩිමට රැගෙන ගිහින් මාංචු දාලා මේසවල් යට වාඩි කර තැබුවා. එදා වෙන කම් අපට කන්න බොන්න කිසි දෙයක් දුන්නෑ .පැනඩෝල් පෙත්ත ගානෙ විතරක් දුන්නා. එදා රෑත් අපි මේස යටට වෙලා හිටියා. එසේ සිටින විට උසස් නිළධාරියකු අපි සිටින තැනට ආවා. එම නිළධාරියා මොවුන් කවුද කියා විමසා සිටියා. එවිට එම නිළධාරින් කියා සි⁣ටියා සර් මේ අර සාජන් මේජර්ගෙ කේස් එකේ එවුන්. මෙතැන හරක් හොරෙකුත් ඉන්නවා කියු බවත් ප්‍රකාශ කර සිටිමි.”

“එවිට එම නිළධාරියා අපව නිරුවත් කොට එකා පිටුපස එකා තියා ත්‍රීවීල් රබර් පටියකින් අප හතරදෙනාටම පහර දුන්නා. එසේ පහරදෙන ගමන් සිද්ධාලේප අපගේ ලිංගෙන්ද්‍රියන් වල උලා ගන්නා ලෙස අණ කළා. අපි අපහසුවෙන් ගා ගත්තා. දැවිල්ල තිබියදීම ඔහු නැවත නැවතත් පහර දුන් බව ප්‍රකාශ කරමි. ඒ අවස්ථාවේ ඔහුට දුරකථන ඇමතුමක් ආවා. ඔහු කිව්වා මුන්ට ඇඳ ගන්න එපා. පැය දෙකක් විතර මෙහෙම තියන්න. මම ආයෙත් එනවා කියා ඔහු ගියා.”

“පසුව එහි සිටි නිළධාරියකු කිව්වා එයා වෙනදා මිනිසුන්ට ගහන කෙනෙක් නොවෙයි. ඒත් උඹලගෙ කරුමය⁣ට තමයි එයත් උඹලට ගැහැව්වෙ කියලා.”

“එම නිළධාරියා පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් බව පසුව මම දැනගත් බවත් ප්‍රකාශ කරමි…”

මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
එස්.තුරෙයිරාජා විසින් 5 වන වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් විසින් පෙත්සම්කරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12(1),13(1),සහ 13(2) වගන්ති යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරන ලදී.

එම මූලික අයිතිවාසිකම් පෙත්සමෙ පිළිබඳව පැවති නඩුවේ තීන්දුවෙහි සඳහන් පරිදි දේශබන්දු තෙන්නකෝන් විසින් 5 වන වග උත්තරකරුට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් තම පුද්ගලික මුදලින් ගෙවිය යුතු විය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සදහා ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව ව්‍යවස්ථාදායක සභාවේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන සම්මත කරන ලද්දේ වංගුවක් ගසමිනි.

කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය පරිදි 2024 පෙබරවාරි මස 26 වන දින ජනපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී තිබුණ බලතල අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා⁣ ලෙස පත් කෙරුවද 2024 ජුලි මස 24 වන ඔහුට එම ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුවේය.

දේශබන්දු තව දුරටත් පොලිස් සේවයේ

2002 අංක නිළධරයන් ඉවත් කිරීමේ(කාර්ය පරිපාටිය පනතේ )17 වන වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධුරය කම්මුතු වුවද ඔහු පොලිස් සේවාවෙන් ඉවත් කිරීමක් සිදු නොවේ. මෙහිදී දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් පොලිස් සේවාවේ රඳවා තබා යුතුද නැද්ද යන්න පිළිබඳව තීන්දුව ගත යුත්තේ පොලිස් කොමිසමයි.

කෙ⁣සේවෙතත් දේශබන්දු තෙන්නකෝන් ගේ කතන්දරයෙන් අනාවරණය වන්නේ ජරාජීර්ණ දූෂිත දේශපාලන බල අධිකාරියේ ඔඩොක්කු කුකකෙකු වූ රාජ්‍ය නිළධාරියෙකු ගේ අවාසනාවන්ත ඉරණමය.⁣

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විභාග වූ ලිංගේන්ද්‍රයේ සිද්ධාලේප නඩුවේ වග උත්තරකරුවකු ඉදිරිපත් කරන ලද පෙත්සමේ තමන්ට පහර දුන් නිළධරයකු විසින් දේශබන්දු තෙන්නකෝන් පහර දුන්නේ තමන්ගේ කරුමය නිසා බවට ප්‍රකාශ කරන ලද බව සඳහන් කර තිබුණි.

එහෙත් දැන් සිතා ගත හැක්කේ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප ගෑමේ කරුමය පල දී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ට බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අල්ලස් කොමිසමෙන් කොන්දේසි විරහිතව සමාව ගන්න සූදානම් බව දන්වයි…

Next Post

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.