පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

ලබන මාර්තු මාසයේ දී වත්මන්  පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න විශ්‍රාම යෑම සමග හිස්වන පොලිස්පති පුටුව සඳහා එක් කුප්‍රකට නිලධාරියෙක් විසින් අප්‍රසන්න බලපොරයක් නිර්මාණය කර ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පොලිස්පති පුටුව සඳහා තමන්ට අභියෝගයක්වන නිලධාරීන් මුල් කරගෙන මඩ ප්‍රහාර එල්ල කරන ව්‍යාපෘතියක්  දියත් කර ඇති නිලධාරියා   අවස්ථා ගණනාවක නීතිය කඩ කිරීමේ චෝදනාවට ලක්ව දේශපාලන බලය යොදාගෙන සිය පැවැත්ම තහවුරු කරගත් අයෙක් බවත් එම ආරංචි මාර්ග හෙළි කරයි.

මැටරඹ දේවාලයේ කපුවා ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී දකුණේ ඉහළ පොලිස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කළ   කතාව මාධ්‍ය වෙත ලබා දී ඇත්තේත් ඉහත නිලධාරියා බවත් ඒ සිද්ධිය සම්බන්ධව පොලිස්පතිවරයා කළ පරීක්ෂණයක දී එවැනි කිසිදු බලපෑමක් පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එල්ල වී නැති බවත් හෙළි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස්පති පුටව සඳහා  ඉහළින්ම සුදුසුකම් ලබා සිටින නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්  සහ අජිත් රෝහණ වෙති.


 

 

 

Exit mobile version