සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති දිවුරා පොරොන්දු වූ පොලිස් කුපාඩින්ට එරෙහි පොලිස් මෙහෙයුම…

by editor
අගෝස්තු 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත් අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් රංජන් හියාරේ ගමගේ අගෝස්තු 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේය. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා රංජනී ගමගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

අල්ලස් හෝ දූෂණ  හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිය රාජකාරි ස්ථානයේ දී මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත් අඩංගුවට ගත්තේය. අනතුරුව අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ පුද්ගලයා ගැන අසන්නට ලැබෙන්නේ පොලිස‍් නිලධාරියෙකුගෙන් කිසිවිටෙකත් ඇසෙන්නට ප්‍රාර්ථනා නොකළ යුතු නින්දිත කතාවකි. සැකකරු ගාල්ල හා ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව සේවය කරද්දී සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයින්ගෙන් පමණක් නොව පාතාලයේ කාලකන්ණි අපරාධ කාරයින්ගෙන් ද අල්ලස් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හෙළිදරවු කරගෙන තිබිණි.

එමෙන්ම මේ දූෂිත පුද්ගලයා ගණිකා මඩම් ලෙස විටෙක පවත්වාගෙන ගිය නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානවලින් ද කප්පම් අරගත් කුපාඩි පොලිස් කාරයින් අතර සිටි ප්‍රමුඛයෙකි. මේ ආකාරයෙන් ලබා ගත් අල්ලස්වලින් ඔහු මාස අටක් තුළදී පමණක් රැස් කරගෙන තිබුණු මුදල රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂය ඉක්මවා තිබුණ බව කොමිසම අනාවරණය කළේය.

අධිකරණයේ දී  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ තුසිතා ජයනෙත්ති මෙසේ ප්‍රකාශ කළාය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

” ස්වාමීනි… අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයකට අදාලව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්වන දුලාජ් තරංග යන අය අත් අඩංගුවට අරන් ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදුකළා. ඒ අවස්ථාවේ දී විමර්ශන අංශ ඔහුගේ වට්ස් ඇප් ගිනුම පරීක්ෂාවට ලක් කළා. ඔහුගේ වට්ස් ඇප් අංකයට මැසේජ් තුනක් ඇවිත් තිබුණා. ඒ මැසේජ් එක ඇවිත් තිබුණේ අනුර නානායක්කාර නැමැත්තෙකුගේ ගිනුම් විස්තර පිළිබඳව.”

” ඒ අනුව අනුර නානායක්කාර අපරාධ පරීක්ෂණයට ගෙන්වා ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේ දී ඔහු අධිකරණයට කිව්වේ අදාල බැංකු ගිනුම් තමන්ගේ නොවන බවයි. එම ගිනුම විත්ති කූඩුවේ සිටින මෙම සැකකරුගේ බව ඔහු ප්‍රකාශ කළා. ඒ අනුවයි ස්වාමීනි මේ වංචාව සම්බන්ධව කරුණු හෙළි වුනේ. ”

” ඒ අනුව අද දින මොහු මොහුගේ රාජකාරි ස්ථානයේ දී අත් අඩංගුවට ගත්තා.”
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ තුසිතා ජයනෙත්ති කීවාය. ඇය අධිකරණයට දන්වා සිටියේ මෙම ප්‍රශ්නගත බැංකු ගිනුම්වලට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් ගණනාවක් විසින් මුදල් බැර කර ඇති බවය.

ඇය අධිකරණයට දන්වා සිටියේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් උක්ත බැංකු ගිනුම්වලට අවස්ථා සියයකට වැඩි වාර ගණනක දී මුදල් තැන්පත් කර ඇති බවය. එමෙන්ම මොහුගේ රියදුරා විසින් ද අවස්ථා 50ක දී ලක්ෂ 14ක් එම බැංකු ගිනුම්වල තැන්පත් කර ඇති ආකාරය ද සහකාර නීති අධ්‍යක්ෂවරිය හෙළි කළාය.

ඇය අනාවරණය කර බිහිසුනුම පුවත වූයේ විදෙස්ගතව සිටින ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරමෙක් මේ පොලිස් නිලධාරියාගේ ගිනුම්වලට අවස්ථා තුනක දී විශාල මුදලක් තැන්පත් කර ඇති බවය. ඊට අමතරව අමිල පරණවිතාන නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ද ඔහුගේ ගිනුමට මුදල් බැර කර ඇති ආකාරය සහකාර නීති අධ්‍යක්ෂවරිය කීවාය.

මේ සියලුම කරුණු ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැන්වූයේ මෙම සැකකරුගෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවීමේ අති විශාල අවකාශයක් ඇති බවය. කොමිසම ඉල්ලා සිටියේ විමර්ශන අවසන් වනතුරු මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සුදුසු කොන්දේසියක් මත සිය සේවා දායකයාට ඇපයක් ඉල්ලා සිටියේය. ඔහු පෙන්වා දුන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පවසන පරිදි අනුර නානායක්කාර නැමැත්තා ප්‍රශ්නගත ගිනුම් සැකකරුගේ බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇත්තේ 2025/08/05 දින බවය.

එහෙත් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2024 වසරේ බවය. නීතිඥවරයා දිවුරුම් ප්‍රකාශ ලබාදීමට ගතවූ මේ කාල සීමාව සම්බන්ධව සැකයක් මතු කළේය. ඇප දිය හැකි අවස්ථාවක ඇපයක් දිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ලබා දී ඇති බව පැරණි තීන්දු උපුටා දක්වමින් කරුණු දැක්වූ නීතිඥවරයා සිය සේවාදාකයකයාට ඇප ඉල්ලා සිටියේය.

සියලුම කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ සැකකරුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළාය. සැකකරුගේ තරාතිරම කෙසේ වෙතත් මේ වනවිටත් සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන් නොවන බැවින් මෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවිය හැකි බැවින් සැකකරු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

අද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත විරසූරිය සිය ධූරයේ වැඩ භාරගනිමින් අපූරු කතාවක් කීවේය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්, හමුදා සාමාජිකයින් මෙන්ම සමහර පොලිස් නිලධාරීන් ද සිය ජාවාරම්වලට සම්බන්ධ කරගෙන ඉන්නවා. අපි ඒ ගැන හොඳින් අවබෝධ කරන් ඉන්නේ. පොලිසියකට යන්න, පොලිසියේ පැමිණිලි විභාග කරන්න බැරි මහජන විශ්වාසය නැති කරගත්තු අපරාධකාරයො පොලිසියෙ බිහි වෙලා හිටියා. එහෙම අපරාධකරයින් බිහි වෙන්න අවස්ථාවකට මම ඉඩ දෙන්නේ නෑ. පොලිස් නිලධාරියෙක් අපරාධයක් කළොත් ඒ අපරාධය අපරාධයක් විදිහට ගෙන තවත් අපරාධකාරයෙක් විදිහට අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණයේ ක්‍රියාමාර්ග අනුව තමයි ඉතිරි විනය පියවර ගන්නේ. පළවෙනි දේ පොලිසිය උපරිම විනයකින් යුතුව මහජනයාගේ බිඳ වැටුණ විශ්වාසය ගොඩනගන්න උපරිම උත්සාහයක් ගන්නවා. ”

“අපේ නිලධාරීන් අඩුපාඩු කරනවා නම්, වැරදි කරනවා නම්, මහජනයාට ලබා දිය යුතු සේවය දෙන්නේ නැතිනම් ඒක ඕනෑම වෙලාවක අනාවරණය කරගන්න තමයි මම 0718598888 වට්ස් ඇප් අංකය ජනතාවට විවෘත කළේ. ඒකට එන පැමිණිලි සම්බන්ධව හැකි උපරිමයෙන් ප්‍රතිචාර දක්වනවා. ”

පොලිස්පතිවරයා පැවසුවේ පළමුවෙන්ම පොලිසිය ක්ලීන් කිරීම අවශ්‍ය බවය. පොලිසිය සුපිලිපන් තැනක් කිරීමට අවශ්‍ය බවය. ඒ සදහා කටයුතු කරගෙන යන බව පොලිස්පතිවරයා කීවේය. අප ඒ දෙස බලාගන ඉන්නේ අපේක්ෂා සහගතවය. මක්නිසා ද යත් පඳුරකට පයින් ගැසූ විට තුන හතරක් විසිවෙන තරමට “සතීෂ් රංජන් හියාරේ ගමගේ” පන්නයේ කුපාඩින් පොලිසියේ ඉන්නා බව අප අත්දැකීමෙන් දන්නා නිසාය.

ඒ සමගම අප හැමදාම යෝජනා කරන කාරණාවක් තිබේ. ඇඳුම් සූට් කේස් එක අරගෙන පොලිසියට පැමිණ වසර දහයක දී පහළොවක දී කෝටිපතියන් වුන පොලිස් කොස්තාපල්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා පොලිස් කුපාඩින්ගේ වත්කම් විමර්ශනය රටේ නීතියට අනුව සිදුකරන ලෙසය. උන්ගේ අඹුවන්ගේ ඥාතීන්ගේ හොර ගෑනුන්ගේ නමට ඇති වත්කම් ප්‍රමාණය ගැන පොලිසියේ උන්ම සහසුද්දෙන් දන්නා බව අප දන්නේ ඒ ලයිස්තු අපටත් ඉදිරිපත් කරීමට හැකි තරම් සුප්‍රකට ඒවා නිසාය.

පොලිස්පති තුමාට පොලිසිය සුද්ද කළ හැකිනම් මේ රටේ මත්කුඩු පමණක් නොව සියලුම අපරාධ එතැනින් නවතින බව අලගු තබා කිව හැකිය. හැබැයි පොලිස්පති තුමා කරන්නට සැරසී ඇත්තේ මේ රටේ ඇති අතිශය දුෂ්කරම කටයුත්තය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවෙන් ටී – 56 ජීව පතොරොම් 7000ක් සොයා ගනී!

Next Post

පන්නිලතැන්න ප්‍රාදේශීය රෝහලේ ගිලන්රථ රියදුරෙක් ගිලන් රථය තුළ දී සෞඛ්‍ය කාර්ය සහායිකාවකට අතවර කරලා… පොලිසියත් සෞඛ්‍ය අංශත් විමර්ශන අරඹයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.