පොලිස්පතිතුමාට කෝට් එක ගලවන්න කියන්න ඒක දුන්නෙ කාදිනල්තුමා ද?…

පොලිසියට පරීක්ෂණ කරන්න උගන්වන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න... ආරක්ෂක ලේකම් නුවර දී කියයි!

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්වරයා නොවන බවත්  එතුමාට නිල ඇඳුම ගලවා ඉවත් වී යන ලෙස කියන්නට කාදිනල්වරයාට අයිතියක් නැති බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.  එමෙන්ම රහස් පොලිසියට පරීක්ෂණ කරන ආකාරය ගැන උගන්වන්න නොගොස්  පරීක්ෂණ කටයුතු කරගෙන යෑමට ඉඩ දෙන ලෙසත් ඔහු කාදිනල් හිමියන් වෙත දන්වයි.

ඔහු මේ දැනුම්දීම කරන්නේ  අද (15) මල්වතු අස්ගිරි නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

“කාදිනල් තුමා නෙමෙයි පොලිස්පති තුමාට කෝට් එක දුන්නේ. මම දන්නෙ නෑ කාදිනල් තුමාට අයිතියක් තියනව ද කියලා පොලිස්පතිතුමාගෙ කෝට් එක ගලවලා යන්න කියලා කියන්න.  බුද්ධිමත් ජනතාව දන්නවා මේවා ගැන. පොලිස්පතිතුමා නම් ඔය කියන පමණින් කෝට් එක ගලවලා යන එකක් නෑ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධව අවශ්‍ය පරීක්ෂණ නිසි පරිදි ඉටු කරන බව මා ආරක්ෂක ලේකම්වරයා විදිහට දන්නවා. “  යැයිද ආරක්ෂක ලේකම්වරයා කීවේය.


නුවර පැමිණ මහා නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ  කාදිනල්තුමා දැඩිව විවේචනයට ලක් කළ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල්  කමල් ගුණරත්න මෙසේ ද කීවේය.

“සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුළත ඒක ගැන විවේචන එල්ල කිරීම මා හිතන්නෙ නෑ සාධාරණයි කියලා. මෙතනදි අත්බෝමබයක් හම්බවෙලා තියනවා. ඒ බෝම්බය එතනින් තිබ්බ කෙනාව අත්අඩංගුවට ගත්තා. ඒ මාර්ගයෙන් ගිහින් තව අත්අඩංගුවට ගැනීම් සිද්ධ කරන්න තියනවා. ඒක කරගෙන යනවා.

මේ  පැය දෙක තුනක් අතුළත   පරීක්ෂණ කරලා අත්අඩංගුවට ගැනීම කරන්න පුලුවන්නම් ඒක ප්‍රාතිහාර්යයක් වෙනන් ඕන. මම ආරක්ෂක ලේකම්  විදිහට රටේ ජනතාවට සහතිකයක් දෙනවා මේ සම්බන්ධයෙන්  සියලුම පුද්ගලයන් නීතියේ රැහැනට ගේනවා කියලා.“

පරීක්ෂණ කරන හැටි ගැන උගන්වන්න එපා.

“මම හමුදා නිලධාරියෙක්. මා දන්නවා යුද්ධ කරන්න. හමුදා නිලධාරියෙක් විදිහට  මට වඩා දැනුමක් පරීක්ෂණ කටයුතු කරන්න රහස් පොලිසියෙ නිලධාරීන්ට තියනවා.  මා හිතනවා කාදිනල්වහන්සෙ එහෙම ප්‍රකාශ කළාට උන්වහන්සේ හිතනවාට වැඩිය දුරක් හිතලා ඒ පරීක්ෂණ අවශ්‍යපරිදි  කරන්න රහස් පොලිසියටත් පොලිසියෙ නිලධාරී මහත්වරුන්ටත්  හැකියාව තියනවා. ඒ අයට පරීක්ෂණ කරන ආකාරය  උගන්වන්නවත් ඒ අය කරපු විදිහ විවේචනය කරන්නෙවත් නැති පොඩ්ඩක්  පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. “

මේ වගේ සිද්ධීන් තැන් තැන් වල සිදුකරන්න මොකක් හරි වෙනස් අදහසක් හිතේ තියන අය උත්සාහ කරන්න පුලුවන්.  නමුත් අපි ඒ උත්සාහයන් වළක්වන්නත් එහෙම උත්සාහ කරන අය නීතියේ රැහැනට ගෙනෙන්නත්  අවශ්‍ය හැමදේම කරනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසා මහජනතාවට මේ ගැන විශේෂ බියක් ඇතිකරගත යුතු දෙයක් නෑ.

Exit mobile version