නතාෂා නෙත්මිණි –
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග සාකච්ඡා පැවැත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් තමාට නොමැති යැයි යුධහමුදාපති ශවින්ද්‍ර සිල්වා සඳහන් කරයි.
විදේශ ඇමතිගේ න්‍යාය පත්‍රය තුළ තමා සහ තමාගේ පවුලට ඇමරිකාව පනවා ඇති ගමන් තහනම පිළිබඳව කථා කිරීමට බලාපොරොත්තු වන බව තමාට දැනුම් දුන්බව හමුදාපතිවරයා සදහන් කරයි.
තමාට පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස මීට දින කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා රජයෙන් විශේෂ ඉල්ලීමක් කල බව ද හෙතෙම පැවසීය.
රටේ තිස්වසරක තිබු යුද්ධය නිමා කර දමිළ ජනතාවට මෙන්ම රටට සාමය ගෙන දීමට කල වන්නි මෙහෙයුම සම්බන්ධයෙන් අසත්‍ය හුවා දක්වා මෙම ගමන් තහනම ඇතිකල බවත් තමා ඇතුළු තම සේනාංකය කිසිදු වරදක් නොකළ බව රටවැසියන් හොදින්ම දන්නා බව යුදහමුදාපතිවරයා අද උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට සම්බන්ධවෙමින් ප්‍රකාශ කළේය