පොදු රද මඩුලු ක්‍රීඩා ඉතිහාසයේ  මීටර සියයේ පදක්කමක් ලද පළමු ආසියාතිකයා – යුපුන් අබේකෝන් !

ශ්‍රි ලංකාවේ යුපුන් අබේකෝන් පොදු රාජ්‍ය මණ්ඩල තරග ඉතිහාසයේ මීටර සියයේ ධාවන තරගයෙන් පදක්කමක් ලැබූ පළමු ආසියාතිකයා ලෙස  ඉතිහාසගත වෙමින්  ඊයේ මීටර  සියය තරගයේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය. බ්‍රිතාන්‍යයේ බර්මිංහැම්හි පැවත්වෙන 2022  පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙලේ මීටර සියය අවසන් තරගයට සුදුසුකම් ලද යුපුන් අබේකෝන් තත්ත්පර 10.14ක කාලයක් තුළ තරගය නිම කොට සිය ඉතිහාසගත පදක්කම ලබා ගත්තේය.

මෙතෙක් මෙම තරග ඉසව්වවේ පදක්කමක්  කිසිදු ආසියාතිකයකු විසින් දිනාගනු  නොලැබ ඇති අතර ඒ අනුව මේ වනවිට ආසියාවේ වේගවත්ම ධාවකයා ලෙස ඔහු වාර්තාවක් තබා ඇත. තරගයේ දෙවන ස්ථානය දිනූ ක්‍රීඩකයාත් යුපුන් අබේකොන් අතර කාල පරතරය තත්තපර 0.01කි.

මෙම තරගයේ පළමු ස්ථානය ලබා ගත්තේ කෙන්යානු සුපිරි ධාවන ශූර ෆර්ඩිනන්ඩ් ඔමන්යලා වන අතර ඔහු තත්ත්පර 10.02කින් තරගය නිම කළ අතර දෙවන ස්ථානයට පත් ව රිදි පදක්කම ලබා ගත් දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ ත්ත්පර 10.13කින් තරගය නිම කළ  අතර යුපුන් අබේකෝන් තත්පර 10.14කදී තරගය නිම කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1998 න් පසුව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා ඉසව්වක් වෙනුවෙන් පදක්කමක් ලබා ගත් එකම ක්‍රීඩකයා ලෙසද යුපුන් අබේකෝන් ඉතිහාස ගත වෙයි.

Exit mobile version