පොට්ට නවුෆර් කොව්ඩ් ආසාදිතව මිය යයි!

කීර්ති ප්‍රනාන්දු –

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම විනිසුරු සරත් අඹේපිටිය ඝාතකයා වූ,    මරණීය දණ්ඩනයට නියම වී සිටි  මෙහොමඩ් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් කොවිඩ් ආසාදිතව බන්ධනගාර රෝහලේ දී  මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේය.

වකුගඩු රෝගීවී සිටි පොට්ට නවුෆර් කොවිඩ් ආසාදිත වීමත් සමග  බූස්ස බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇත.

වකුගඩු රෝගය නිසා ඔහුට හෝමාගම රෝහලේ දී ප්‍රතිකාර ලබා දී තිබේ. අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතව බන්ධනාගාර රෝහලේ  ප්‍රතිකාර ගනිමින් සිටිය දී මියගොස්  තිබේ.


බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු පොට්ටනවුෆර් කොවිඩ් ආසාදිතව මිය ගිය බව තහවුරු කළේය.

පොට්ට නවුෆර්ට මරණීය දණ්ඩනය නියම වන්නේ සරත් අඹේපිටිය ඝාතනයේ වරදකරු වීමෙනි.

පොට්ට නවුෆර්ගේ  මත්කුඩු නඩුව   විභාග කරමින් සිටි සරත් අඹේපිටිය  විනිසුරුවරයාව ඝාතනය    වර්ෂ 2004  නොවැම්බර් 19 වන දිනය. ඒ සරත් අඹේපිටිය විනිසුරුවරයාගේ   නිවසේදී ය. ඝාතක සැලසුම්කරු  නවුෆර් රහීම් නොහොත් පොට්ට නවුෆර්ය.

නවුෆර් ඝාතන කල්ලියක් සමග එක් වී විනිසුරු සරත් අඹේපිටිය   සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිළධාරී උපාලි බණ්ඩාර ඝාතනය කරනු ලැබුවේය.    මේ සමය වන විට සරත් අඹේපිටිය  මහාධිකරණයේ වූ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු වූ අතර, ඔහු අභියාචනාධීකරණය   දක්වා උසස් කිරීමට සැලසුම් වී තිබිණි.

ඝාතනයට ලක්වීමට පෙර දින, එනම් ඔහුගේ 58 වන ජන්ම දිනය යෙදී  තිබිණි.

අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෝ පස් දෙනෙකු චූදිතයන් වූ අතර, ඊට ඝාතනයේ මහ මොළකරු වශයෙන් සැලකූ මොහමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් වෙත ඝාතනය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවද; සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා සහ ලසන්ත කුමාර යන අනෙකුත් පිරිස වෙත ඝාතනය ක්‍රියාවට නැංවීම යන චෝදනාවද එල්ල වන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධි ආරක්ෂාව මධ්‍යයේ පැවති මාස 3 ක නඩු විභාගයකින් අනතුරුව 2005 ජූලි 4 වන දින, මහාධිකරණය විසින් පොට්ට නවුෆර් ඇතුළු චූදිතයන් පස් දෙනාටම  ඒකමතිකව   අඹේපිටිය  සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් බවට පත් කරමින් මරණ දණ්ඩනය නියම කළේය.

Exit mobile version