පෙරාදෙණිය වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් ලෙස කටයුතු කරන වෛද්‍ය තිලක් ආනන්ද ජයවර්ධන සහ ඔහුගේ බිරිය උදේනි කුමාරි අධිකාරී ගමන් කරමින් සිටි ඔවුන්ගේ වාහනය ඊයේ (04) රාත්‍රියේ මහනුවර වැවට පෙරලී අනතුරට ලක් වී තිබේ.
මෙම අනතුරින් වෛද්‍ය දෙපළ සුලු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ගෙන අද අළුයම රෝහලින් පිටවී ගොස් ඇත.
ඊයේ රාත්‍රියේ 12ට පමණ නුවර වැව රවුමේ ඩෙවෝන් රෙස්ට් හෝටලය අසල දී මෙම අනතුර සිදුවී ඇත. වාහනය මාර්ගයෙන් පිටතට පැන නුවර වැවට පෙරළී ඇති බව පොලිසිය කියයි.
මහනුවර පොලිසිය කාර් රථය වැවෙන් ගොඩට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබේ.
මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.